Sundara Magickari Song Lyrics - සුන්දර මැජික්කාරි ගීතයේ පද පෙළ

Sundara Magickari Song Lyrics - සුන්දර මැජික්කාරි ගීතයේ පද පෙළ
Song Title : Sundara Magickari (සුන්දර මැජික්කාරි)
Singing : Indika Upamali 
Music: Kasun Kalhara


සුන්දර මැජික්කාරි කොහෙදෝ
ඇදෙන්නේ නල රැළක් දිගේ
සුවඳක් බිගෝනියා යායේ
තවරලා දුවන්නේ
රෙමලිනෝ ඔබගේ දෑසේ පීනනා
මිනිසුන් දහසක් ගිලිලා සැඟවුනා
රෙමලිනෝ ඔබගේ දෑසේ පීනනා
මිනිසුන් දහසක් ගිලිලා…ආ…ආ…ආ…

මිදි යායෙන් හැරී ඔබ බලනා හැටී
හෙමින් සැදු සිතින් එබී
රෙමලිනෝ ඔබගේ ආලේ හිතින්
දහසක් හදවත් මිදිලා තාමත්
රෙමලිනෝ ඔබගේ ආලේ හිතින්
දහසක් හදවත් මිදිලා තාමත්

දවසක් දා යළී ඔබ අහසට ඇදී
පුළුන් වළා රොදක් ලෙසින්
රෙමලිනෝ ඔබගේ මතකේ පාවී
කාටත් රහසේ නොපෙනී යාවී
රෙමලිනෝ ඔබගේ මතකේ පාවී
කාටත් රහසේ නොපෙනී යාවී

සුන්දර මැජික්කාරි කොහෙදෝ
ඇදෙන්නේ නල රැළක් දිගේ
සුවඳක් බිගෝනියා යායේ
තවරලා දුවන්නේ
රෙමලිනෝ ඔබගේ දෑසේ පීනනා
මිනිසුන් දහසක් ගිලිලා සැඟවුනා
රෙමලිනෝ ඔබගේ දෑසේ පීනනා
මිනිසුන් දහසක් ගිලිලා…ආ…ආ…ආ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment