Sudu Neluma Ko Song Lyrics - සුදු නෙලුම කෝ ගීතයේ පද පෙළ

Sudu Neluma Ko Song Lyrics - සුදු නෙලුම කෝ ගීතයේ පද පෙළ
Song Title : Sudu Neluma Ko (සුදු නෙලුම කෝ)
ගායනය : ඩබ්.ඩී. අමරදේව
සංගීතය : ඩබ්.ඩී. අමරදේව
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ


සුදු නෙලුම කෝ
සුදු නෙලුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ
පුන් පෝය දා පහලොස්වකේ
මල් නෙලා විකුණූ පන්සලේ

වැවට කළුවර යා වුණා
සංසාර දුක බෝ වුණා
වැවට කළුවර යා වුණා
සංසාර දුක බෝ වුණා
නෙළූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා

සුදු නෙලුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ

සිහින් සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පා වුණා

සුදු නෙලුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ
පුන් පෝය දා පහලොස්වකේ
මල් නෙලා විකුණූ පන්සලේ

සුදු නෙලුම කෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment