Sanda Yaathra Kala Song Lyrics - සඳ යාත්‍රා කළා ගීතයේ පද පෙළ

Sanda Yaathra Kala Song Lyrics - සඳ යාත්‍රා කළා ගීතයේ පද පෙළ
Song Title : Sanda Yaathra Kala (සඳ යාත්‍රා කළා)
ගායනය : චන්දන ලියනආරච්චි
ගී පද : චන්න ජයනාත්
සංගීතය : ජයසිරි අමරසේකර


සඳ යාත්‍රා කළා වගෙ මතකයි
ඔබ නේත්‍රා වලින් මට පවසයි
හැම මාත්‍රාවටම සිත සැනසෙයි
අපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි //

දස දහස් වරක් ඔබට සිත බැඳි
සපුරන්නට ඇති පැතුම් මල් මිටි
භවයෙන් භවයට ආ මඟ සඳ වී
ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී

සඳ යාත්‍රා කළා වගෙ මතකයි
ඔබ නේත්‍රා වලින් මට පවසයි
හැම මාත්‍රාවටම සිත සැනසෙයි
අපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි //

තව සහස් කලක් මේ දුර යන්න
සිත් අහස් ගැබේ තරුවක් වෙන්න
ඔබ මා ළද පින් ඇතිය හිතන්න
අපෙ සෙනෙහස පර මලක් නොවන්න

සඳ යාත්‍රා කළා වගෙ මතකයි
ඔබ නේත්‍රා වලින් මට පවසයි
හැම මාත්‍රාවටම සිත සැනසෙයි
අපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment