Sanda Hadu Didi Song Lyrics - සඳ හාදු දිදී ගීතයේ පද පෙළ

Sanda Hadu Didi Song Lyrics - සඳ හාදු දිදී ගීතයේ පද පෙළ
Song Title : Sanda Hadu Didi (සඳ හාදු දිදී)
ගායනය : චන්දන ලියනාරච්චි
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ
සංගිතය : රෝහණ වීරසිංහ


සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ//
නුඹ තාම නිදිද
නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ

මල් මාලතී ලතා මඩුල්ල නෙතු පියා හිඳී
මුදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයින්ට දී
කට කොනින්වත් හිනා නොවීම දේවතා නිදී

සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ//
නුඹ තාම නිදිද
නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ

විල් තලේ රිදී රැල් නැගේවි රංගනේ යෙදී
මුදු මන්දහාස දී පිපේවි සොඳුරු කෞමදී
මට තනියි මගේ හිත පාළුයි නුඹ තවම නිදී

සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ//
නුඹ තාම නිදිද
නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment