Ruwan Thoran Thana Song Lyrics - රුවන් තොරන් තනා ගීතයේ පද පෙළ

Ruwan Thoran Thana Song Lyrics - රුවන් තොරන් තනා ගීතයේ පද පෙළ
Song Title : Ruwan Thoran Thana (රුවන් තොරන් තනා)
ගායනය : ක්‍රිස්ටෝෆර් පෝල් සහ පිරිස
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
තනුව හා සංගීතය : ෂෙල්ටන් ප්‍රේමරත්න


හා.. හා.. හා.. හා......
හ්ම්.. හ්ම්ම්.. ම්.. ම්ම්ම්...
හා.. හා.. හා.. හා......
හ්ම්.. හ්ම්ම්.. ම්.. ම්ම්ම්...

රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා //
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා //
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා

හිරු පායනු බලා
ඔබෙ අත්තටු සලා
මගේ පුංචි කිරිල්ලියේ වරෙන් ඉගිලිලා

හිරු පායනු බලා
ඔබෙ අත්තටු සලා
මගේ පුංචි කිරිල්ලියේ වරෙන් ඉගිලිලා
බොල්ගොඩ ගඟෙන් එගොඩ වෙලා
දකුණු පැත්ත බලා
ඉතින් හෙමින් ඉගිල්ලියන් මඟ සළකුණු බලා
ගඟෙන් එගොඩ වෙලා
දකුණු පැත්ත බලා
ඉතින් හෙමින් ඉගිල්ලියන් මඟ සළකුණු බලා
ඉතින් හෙමින් ඉගිල්ලියන් මඟ සළකුණු බලාලා

රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා //
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා

බෙන්තර ගඟ ළඟින්
සඳ කිඳුරන් බලන්
ඔබේ වෙහෙස ටිකක් නිවන් කොටු බැම්මට වරෙන්

බෙන්තර ගඟ ළඟින්
සඳ කිඳුරන් බලන්
ඔබේ වෙහෙස ටිකක් නිවන් කොටු බැම්මට වරෙන්
ගාලු සිරිය බලා ගිං ගඟෙන් ඉගිල්ලිලා
මගෙ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා
ගාලු සිරිය බලා ගිං ගඟෙන් ඉගිල්ලිලා
මගෙ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා
මගෙ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා

රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා //
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා //
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment