Rosa Mal Kumariye (Wikasitha Chethanawala) Song Lyrics - රෝස මල් කුමාරියේ (විකසිත චේතනාවක) ගීතයේ පද පෙළ

Rosa Mal Kumariye Song Lyrics - රෝස මල් කුමාරියේ ගීතයේ පද පෙළ
Song Title : Rosa Mal Kumariye (රෝස මල් කුමාරියේ)
Artist : Prageeth Perera
Music : Prageeth Perera
Lyrics : Sajith V Chathuranga
Video Director : Charuka Dushyantha 
DOP : Chathur KamSha Deshapriya
Editor : Charuka Dushyantha
Colourist : Malinda Sampath
Production Design : Rangana senanayake (Propbox studio)
Art Director : Ranuka ishara 


විකසිත චේතනාවක
ඔබ හා මා සැදෑවක
දොඩමලු වුන අතීතය

මගේ මතකේ තියාගෙන
කල් ගෙවනවා හැරෙන්නට
වෙන නෑ විසදුමක් අද

ගතවූ ඒ කාලේ අවිහින්සක
පෑයූ සද වාගෙයි පසලොස්වක

රෝස මල් කුමාරියේ
ඔබ මට මැවිලා පෙනෙන්නේ
මොන හේතුවටද නෑ වැටහෙන්නේ
හෝ…අපි වැරදි වෙලාවේ සමහර තීරණ ගත්තේ
ඒ හින්දයි හිත කරදර වෙන්නේ

නැගෙනා ගිනි දැල් මෙන්
මනසේ දැවෙනා මාගේ
වේදනාවට

ඔබ මකුණු දැලින් නවතාගෙන
මම මොනවා ඔබෙන් අරගන්නද

රෝස මල් කුමාරියේ
ඔබ මට මැවිලා පෙනෙන්නේ
මොන හේතුවටද නෑ වැටහෙන්නේ
හෝ…අපි වැරදි වෙලාවේ සමහර තීරණ ගත්තේ
ඒ හින්දයි හිත කරදර වෙන්නේ

නොදොඩා ඉන්නම් මම
ලොවටම හඩගා ඔබගේ රංගනේ ගැන
හිත මිතුරු සුලං වෙනදා ලෙස
ඔබ කොහෙද කියා අසනා විට

රෝස මල් කුමාරියේ
ඔබ මට මැවිලා පෙනෙන්නේ
මොන හේතුවටද නෑ වැටහෙන්නේ
හෝ…අපි වැරදි වෙලාවේ සමහර තීරණ ගත්තේ
ඒ හින්දයි හිත කරදර වෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment