පොත් ගංගාව ( River of Books) 😍💐😊❤️✍️

පොත් ගංගාව ( River of Books) 😍💐😊❤️✍️ - Your Choice Way
අද කියන්න යන්නේ අරුම පුදුම ගංගාවක් ගැන විස්තර. ඒ අපි හැමදාම දකිනවා වගේ වතුර පිරුණු ගංගාවල් නම් නෙමෙයි. මේක අරුම පුදුම පොත් ගංගාවක්. 😍

මේ විශ්මිත පොත් ගංගාව තිබුණේ කැනඩාවේ ටොරොන්ටෝ හි වීථියක. මිනිසුන් විසින් පරිත්‍යාග කරන ලද පොත් ගංගාවක් බවට පරිවර්තනය කරන උත්සවයක් කැනඩාවේ පවතින අතර ඕනෑම කෙනෙකුට අවශ්‍ය ඕනෑම පොතක් එහිදී නොමිලේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. 🤗

මෙහිදී හිතාගන්නවත් බැරි විශාල පොත් ප්‍රමාණයක් මිනිසුන් විසින් පරිත්‍යාග කරන අතර ඒවා ගන්න මිනිසුන් දහස් ගණනක් පැමිණෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පැමිනෙන්නන් බාල මහළු බේදයකින් තොර වීම විශේෂත්වයක්. 🧝

අද ලෝකයේ මිනිසුන් බොහෝමයක් පොත්පත් වලින් ඈත්ව අන්තර්ජාලයට බොහෝ සෙයින් ළං වීම නිසා පොත්පත් කියවීම ඔවුන්ගෙන් ගිලිහී ගොස් තියෙනවා. ඉතින් කැනඩා රජයේ අරමුණ වන්නේ මෙමගින් බාල මහළු බේදයකින් තොරව මිනිසුන්ගෙ කියවීමෙ රුචිය ඔප් නැංවීමයි. ✍️

කොහොමද ඒ රටවල් වල වැඩ? අපේ රටෙත් මේ වගේ පොත් ගංගාවක් තිබුණොත් ඇත්තටම ඒක අපේ පොත් ගුල්ලන්ට ගොඩක් සුභ ආරංචියක් වෙයි. මාත් කියවන්න කැමති කෙනෙක් නිසා පෞද්ගලිකව ඒ වැඩේට නම් හරිම ආසයි.😊💐✍️

නොදත් තතු - Kushani De Silva
පොත් ගංගාව ( River of Books) 😍💐😊❤️✍️ - Your Choice Way

පොත් ගංගාව ( River of Books) 😍💐😊❤️✍️ - Your Choice Way

පොත් ගංගාව ( River of Books) 😍💐😊❤️✍️ - Your Choice Way

පොත් ගංගාව ( River of Books) 😍💐😊❤️✍️ - Your Choice Way

පොත් ගංගාව ( River of Books) 😍💐😊❤️✍️ - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment