ආච්චිව සොයාගෙන ආ අවතාරය (Real Story)

ආච්චිව සොයාගෙන ආ අවතාරය (Real Story) - Your Choice Way
මේක ඇත්තටම මට වෙච්ච සිද්දියක්.කොහොම හරි මේ සිද්දිය උනේ මන් සාමාන්‍ය පෙල කරන කාලේ.අපේ ගෙදර හිටියා අපේ අම්මගේ අම්මා ඒ කියන්නේ මගේ ආච්චි . එයා එක් තැන්වෙලා අවුරුදු හතක් වෙනවා ආච්චිව බලා ගත්තේ අපේ අම්මා...

මන් ඉතින් ඉස්සර උදේ නැගිටලා පාඩම් කරන්න හෙන හොරයි .කොහොම හරි එක දවසක් උදේ අපේ අම්මා බැනලා බැනලා මාව නැගිට්ටෙව්වා පාඩම් කරන්න කියලා .කොහොම හරි ඉතින් මාත් නැගිටලා පාඩම් කරන්න ගත්තා..

මන් පාඩම් කරන්න ගියේ අපේ ගෙදර කැම කාමරේ මේසෙට.. මන් දැන් ගිහින් ඉදගත්තා යද්දි ඉතිහාසය පොතත් අරන් ගියේ.. හරියටම මන් ඉද ගත්ත පැත්තට දකුනු පැත්තෙන් අපේ ආච්චිගේ කාමරේ තමා තිබුනේ.. මට ඉස්සරහෙන් කුස්සිය තිබ්බේ....

කොහොමහරි 3.15 විතර ඇති වෙලාව.පාඩම් කරන්න ගත්තා විතරයි.... කුස්සිය පැතෙන් අමුතු සද්දයක් ආවා.. කව්ද කතා කරනවා වගේ ..මන් බලද්දි එකපාරටම කව්ද යනවා වගේ දැක්කා.. කුසියයි කැම කාමරෙයි අතර දොර රෙද්ද බාගෙට ඇරලා තමා තිබ්බේ .... මන් හිමීට නැගිට්ටා නැගිටලා බැලුවා ... කවුද මන්දා කලුම කලු මිනිහෙක් මා දිහා බලන් හිටියා .. අම්මෝ මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනවා ...මන් කෑ ගහගෙන කාමරේට දිව්වා ... අම්මා ඇහුවා ඇයි කියලා ... මන් අම්මට කිව්වා අම්මා ටක් ගාලා ගිහින් එතන බැලුවා ඒත් කවුරුත් හිටියේ නෑ ..

කොහොම හරි ඔය සිද්දිය ඔතනින් ඉවර උනා .. ඊට දවස් දෙකකට පස්සේ ආච්චි කෑගහන්න ගත්තා .. මගේ කකුල් දෙක ගාව කව්ද ඉන්නවා කියාලා කෙදරිගගා කෑගැහැහුවා ..... මායි අම්මයි ගිහින් කාමරේ ලයිට් එක දැම්මා ... දැම්මා විතරයි හෙන සද්දෙකුත් එක්ක ලයිට් එක පිපුරුවා .. ඊට පස්සේ අපේ අම්මත් බය උනා ... ඊට සති තුනකට පස්සේ අපේ ආච්චි මැරුනා .....

අකුරක් නෑර ඇත්ත ....
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment