Pile Pedura Song Lyrics - පිළේ පැදුර ගීතයේ පද පෙළ

Pile Pedura Song Lyrics - පිළේ පැදුර ගීතයේ පද පෙළ
Song Title : Pile Pedura (පිළේ පැදුර)
ගායනය : ඩබ්ලිව්.ඩී. අමරදේව
සංගීතය : ඩබ්ලිව්.ඩී. අමරදේව
ගී පද : මහගමසේකර


පිළේ පැදුර හේනට අරගෙන එනවා
එළා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

ඉර පායා ඉර අවරට ගියාදෝ
සඳ පායා සඳ අවරට ගියාදෝ
හැඬූ කඳුළු මූදට එක් වුණාදෝ
හැඬූ කඳුළු මූදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොයි ගියාදෝ

ඔබේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
උඹේ කටින් ගී සීපද අහන්නට
උඹේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට

පිළේ පැදුර හේනට අරගෙන එනවා
එළා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment