Paaloswaka Sanda Song Lyrics - පාලොස්වක සඳ ගීතයේ පද පෙළ

Paaloswaka Sanda Song Lyrics - පාලොස්වක සඳ ගීතයේ පද පෙළ

Paaloswaka Sanda Song Lyrics - පාලොස්වක සඳ ගීතයේ පද පෙළ
Song Title : Paaloswaka Sanda (පාලොස්වක සඳ)
ගායනය : නීලා වික්‍රමසිංහ, ඩබ්.ඩී. අමරදේව
තනුව : ප්‍රේමසිරි කේමදාස
පද : අජන්තා රණසිංහ


පාලොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ කල පිං අපට කොයින්දා
පූරුවේ කල පිං අපට කොයින්දා

සැතපෙන නින්දෙදි රෑ
තුන්යම හීන හතක් පෙනුනා
සඳ කිඳුරෙකු ලෙසිනා
එම සඳ ඔබේ රුව නෙත ඇඳුනා
සියුමැලි වත දකිනා
මා නෙත ආල මතින් බැඳුනා
මියුරු තෙපුල් නගනා
සවනත බිඟු ගී රැල් නැගුනා
සවනත බිඟු ගී රැල් නැගුනා

පාලොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ කල පිං අපට කොයින්දා
පූරුවේ කල පිං අපට කොයින්දා

කියා ගන්න බැරුවා
සිතු දේ තොල් අතරේ රැඳුනා
මනාපදෝ මන්දා
මා සිත ආදර මල් පිපුණා
තුන්ඉරි ගෙලට ළඳේ
රිදියෙන් මලා පොටක් දෙන්නා
එරබදු මල් මාසේ
නැකතට කැන්දාගෙන යන්නා
නැකතට කැන්දාගෙන යන්නා

පාලොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ කල පිං අපට කොයින්දා
පූරුවේ කල පිං අපට කොයින්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment