Oba Dakala Song Lyrics - ඔබ දැකලා ගීතයේ පද පෙළ

Oba Dakala Song Lyrics - ඔබ දැකලා ගීතයේ පද පෙළ
Song Title : Oba Dakala (ඔබ දැකලා)
ගායනය : යුකී නවරත්න
සංගීතය : යුකී නවරත්න
ගී පද : චන්දුල පෙරේරා


ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා
හමනා සුළඟෙත් ඔබ දැනුනා
අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා
මම තැවුනා මතකෙට හිරවෙලා
තරු නොනිදා හිත හැදුවා
මට නොදැනිම කාලය ගතවෙලා

ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා
හමනා සුළඟෙත් ඔබ දැනුනා
අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා
මම තැවුනා මතකෙට හිරවෙලා

තනියට මට මමවත් නැති
දුරකට මම ඇවිදලා ඇති
හඳ යට මං මත්වුනා
අපි අපි ගැන නොහිතපු හැටි
යටි හිත නුඹෙ දන්නවා ඇති
ළංවූ තරමට එයා

තරු නොනිදා හිත හැදුවා
මට නොදැනිම කාලය ගතවෙලා

ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා
හමනා සුළඟෙත් ඔබ දැනුනා
අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා
මම තැවුනා මතකෙට හිරවෙලා

ඔබ මම ගැන මැවු සිහිනය
අපි ගතකල හිත මුදුවුන
තානායම් හිස්වෙලා
තරු යන එන දින ගැන ගැන
මම එකතැන ඔබ ගිය බව
ආයාසෙන් සිහිකලා

තරු නොනිදා හිත හැදුවා
මට නොදැනිම කාලය ගතවෙලා

ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා
හමනා සුලඟෙත් ඔබ දැනුනා
අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා
මම තැවුනා මතකෙට හිරවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment