Mini Muthu Pasata Yata Wenawa Song Lyrics - මිණි මුතු පසට යට වෙනවා ගීතයේ පද පෙළ

Mini Muthu Pasata Yata Wenawa Song Lyrics - මිණි මුතු පසට යට වෙනවා ගීතයේ පද පෙළ
Song Title : Mini Muthu Pasata Yata Wenawa (මිණි මුතු පසට යට වෙනවා)
ගායනය : තිලකසිරි ප්‍රනාන්දු
පද රචනය : ගරු මර්සිලින් ජයකොඩි පියනම
ප්‍රකට ජන ගායනා නාද රටා ඇසුරින් සංගීත ඇදියුරු : සුනිල් සාන්ත
සංගීතය : බී.එස්. පෙරේරා
1956 දී තිරගතවූ රේඛාව චිත්‍රපටියෙනි.


ආ ...... ආආආ.... ආආආ.... ආ ...... ආ ......

මිණි මුතු පසට යට වෙනවා යට යනවා
විසකුරු නයා උඩ එනවා උඩ යනවා
සැප දුක මෙලෙස යට යනවා උඩ එනවා
මැණිකට යන අතට නයි පෙණ අසු වෙනවා

ගව ඇටසැකිලි මඩ කැට මත කුණුවෙනවා
මැස්සන් හඬන ගිණි අව්වේ උණු වෙනවා
ජීවන බරින් ඉපිලුණු දේ සුණු වෙනවා
ගලනා කඳුළු කම්මුල මත ලුණු වෙනවා

ඉරණම ඇඟිල්ලෙන් වැලි මත ලියන්නේ
සාගතයයි කියන නම එහි තියෙන්නේ
දුක දෙන්නට පමණයි කට අයන්නේ
මරණය නොවෙද ජීවිතයයි කියන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment