ලෝකයේ ප්‍රධාන කදුවැටි (Major Mountain Ranges In The World)

ලෝකයේ ප්‍රධාන කදුවැටි (Major Mountain Ranges In The World) - Your Choice Way
පෘථිවි තලයේ සිදුවුනු බිහිසුණු වෙනස්වීම් හේතුවෙන් කදුවැටි නිර්මාණය වී ඇති බව කියවේ. ආසියා මහද්වීපයේ උසින් වැඩිම  කදුවැටි ප්‍රධාන වශයෙන් 3කි. ලොව උසම කදුවැටිය වන හිමාල  කන්ද ඇත්තේ ආසියාවේය.   එහි උස මීටර් 8848 කි. (අඩි 29028) ලොව   උසම කන්ද ලෙස  එවරස්ට් ප්‍රසිද්ධය. අනෙක් උසම කදුවැටි වන්නේ කරකොම් (මීටර් 8610.7 ) සහ මීටර් 3962.45 ක් වූ පාෆමීරිය.

ඇල්ප්ස්, කොකේසස්, කාපැතියන්ස්, ෆයිරනීස් සහ යුරල් කදුවැටි  යුරෝපා මහද්වීපයේ ඇති ප්‍රධානතම උසින් වැඩිම වූ කදුවැටි වන්නේ ය.ඇල්ප්ස් කදුවැටිය උසින් මීටර් 1190කි. මොන්ට් බ්ලැන්ක් (මීටර් 4810.1) එම කදුවැටියේ උසම කන්දයි. කොකේසස් කදුවැටිය  මීටර් 1432 ක් පුරා පැතිරී පවතින අතර එහි උසින් වැඩිම කන්ද වන එල්බ්‍රස් මීටර් 5633 ක් වේ. ඉතා ඝන කැළෑ ප්‍රදේශයකින් කාපාතියන් කදුවැටිය ගහන වේ.  ෆයිරනීස් කදුවැටිය  ප්‍රංශය හා ස්පාඤ්ඤය අතර ඇති දේශ සීමාව පුරා පැතිරී පවතී. මෙම “ෆයිරනීස්“ කදුවැටියේ උසින් වැඩිම මීටර් 3404.05 ක් වූ කන්ද වන්නේ පිකේඩි ඇනීමෝය. යුරල් කදුවැටිය ආසියාව හා යුරෝපය අතර මීටර් 2313 ක් පුරා විහිදී පවතින්නේ ය.

අප්‍රිකාවේ පවතින කදුවැටි එකිනෙකට වෙන්වී ස්වාධීනව පවතින අතර විශාල පරතරයකින්  “ඇබසීනියන්“, “ඇට්ලස්“,   “ රුවෙන්සෝරි“,  “කිලිමන්ජාරෝ“   පවතී. ඇබසීනියන් කදුවැටිය විශාල වූ  ප්‍රදේශයක්  පුරා පැතිරී පවතියි. උසින් වැඩිම කන්ද රාස්ඩාසන් (මීටර් 4620.2)  ය.  “ඇට්ලස් “ කදුවැටිය මීටර් 2413 ක ප්‍රදේශයක පැතිරී ඇත. රුවෙන්සෝරි කුඩා කදු රාශියක් කුඩා භූමි ප්‍රදේශයක් වසා පවතී. එහි උස්වූ කදු මුදුන් 04කි. ගිනිකන්දක්ද  වන කිලිමන්ජාරෝ  උස මීටර් 5963 වේ.උතුරු ඇමරිකාවේ  ඇති කදුවැටි අතර රොකී සහ ඇපලාවියන්ස්   ප්‍රධාන  වේ. රොකී කදුවැටිය කිලෝමීටර් 3539 ක භූමියක් පුරා පැතිරී පවතී. මිකින්ලි කන්ද (මීටර් 6194) එහි උසම කදුවැටියයි. විෂෙල් කන්ද සාගර මට්ටමින් මීටර් 2037.3 පමණ වේ.

ඇන්දීස්  කන්ද දකුණුඇමරිකාවේ ඇති ප්‍රධානම කදුවැටිය වෙයි. මෙය මීටර් 7360 ක් දිගින් යුක්ත වේ. “ඇකොන්කාගුආ“ නම් වූ එහි ඇති උසම කදු මුදුන මීටර් 6960.1 උසින් යුක්ත වේ. ඕස්ට්‍රේලියා   මහද්වීපයේ පවතින විශාලම උසම කන්ද  “කොස්කියුස්කෝ“ කන්දයි.

සාගර පතුලෙන් හටගැනුණු    “මොව්නා කියෑ කන්ද “, සාගර මට්ටමේ සිට උස මීටර් 4205  ක් වන අතර සාගර මට්ටමේ සිට පතුලට ඇති දුර මීටර් 4877 කි.  එවිට කන්දේ සම්පූර්ණ උස  මීටර් 9082 ක් වේ. මෙය ලොව උසින් වැඩිම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්දටද වඩා උසින් වැඩිය.

සටහන අයිතිය ® රොෂාන්✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment