Mage Upan Dina Song Lyrics - මගේ උපන් දින ගීතයේ පද පෙළ

Mage Upan Dina Song Lyrics - මගේ උපන් දින ගීතයේ පද පෙළ
Song Title : Mage Upan Dina (මගේ උපන් දින)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය : උපේන්ද්‍ර ප්‍රනාන්දු
ගී පද : කරුණාරත්න අබේසේකර (තහවුරු කරන්න)


මගේ උපන් දින ඔබ දුන් මල් දෙක
සඳ දෙව් පාමුල පුද කරලා
අපේ පැතුම් ලොව සඳ පායන්නට
පැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා...//

ලොවේ වෙසෙන තුරු නොමියෙන නොහැරෙන
කුසුමක් පිබිදී ඇතත් සිතේ
උදේ පුබුදු වී සවසට මැලවෙන
මල් නැතිවට මට කමක් නැතේ

දෑසින් ගිලිහෙන කඳුළු බින්දු ගෙන
හද තුල පිපි මල තෙමන්නෙමි
සිහිනෙන්වත් කිසි වෙනසක් නොව මා‍
මෙලෙසින් නිරතුරු වසන්නෙමි

මගේ උපන් දින ඔබ දුන් මල් දෙක
සඳ දෙව් පාමුල පුද කරලා
අපේ පැතුම් ලොව සඳ පායන්නට
පැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment