හාස්කම් බහුල - මඩු පල්ලිය 🙏✝️❤️ (Madu Palliya)

හාස්කම් බහුල - මඩු පල්ලිය 🙏✝️❤️ (Madu Palliya) - Your Choice Way
අද අපි කතා කරන්නේ ආගම් භේදයකින් තොරව ජනතාව යන උතුම් කතෝලික දේවස්ථානයක් ගැන..

ඒ වගේම අද හරි සුවිශේෂි දවසක් අද මඩු මැණියන්ගේ මංගල්‍යය සමරන ඒ උතුම් දිනයයි.. 

මඩු පල්ලිය කිව්වම එය නොදන්න කෙනෙක් නම් නැති තරම්.. අද අපි කතා කරන්නේ මඩු මංගල්‍යයයේ ඉතිහාසය ගැනයි...

අද ලංකාවේ වැඩිම කතෝලික බැතිමතුන් පිරිසක් සහභාගි වන මංගල්‍යයක් වශයෙන් මඩු මංගල්‍යය අපිට හදුන්වන්න පුලුවන්....

එය මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ 1870 ජුලි 2 දා යි. 

ඒ යාපනයේ එවකට සිටි කතෝලික බිෂොප්තුමා විසින්. 

එහෙත් එකල අද මේ දකින මඩු පල්ලිය‌ තිබී නැහැ. 

තාවකාලික දේවස්ථානයක් තිබුණු බව තමයි සදහන් වෙන්නේ... 

එම අවධියේ පැවති පල්ලියට මුල්ගල තබා ඇත්තේ 1876 දී යි. ඒ මන්නාරම ක්‍රිස්ටෝපර් බෙන්ජියන් බිෂොප් තුමාගේ මූලිකත්වයෙන්. 

මුලින්ම ජූලි මාසයේ ආරම්භ කළ මඩු මංගල්‍යය පසුව තමා අගෝස්තු මාසයට යොදාගෙන තියෙන්නේ....

සමහරු කියනවා මේ මඩු පල්ලිය තියෙන භූමියේ ඉස්සර පත්තිනි දේවාලයක් තිබූ බවට සාක්ෂි පවතිනවා කියලා..

අද අපි දකින අලංකාර දේවස්ථාන ගොඩනැගිල්ල 1944 දෙවන ලෝක යුද්ධය අතරතුර දී තමා ඉදිකර තිබෙන්නේ...

ක්‍රි.ව. 1944 ජුනි 25 වන දින ගියෝමාර් හිමිපාණන් විසින් එම අභිනව දේවස්ථානය ආසිරි  ගන්වා අභිෂේක කර තිබෙනවා. 

මඩු මංගල්‍යය සතියක් පුරා පැවැත්වෙනවා. 

සෑම වසරකම අගෝස්තු 15 වැනි දා වන විට මඩු දේවස්ථාන භූමිය බැතිමතුන්ගෙන් පිරී යනවා. මඩු වන්දනාවට බැතිමතුන් එන්නේ පවුල් පිටින් හෝ ගම්පිටින් එකතුවෙමින්.

මඩු මාතාවන්ගෙන් පිහිට පතා එන වන්දනාකරුවන්ගෙන් මේ භූමියට අඩුවක් නෑ.. ප්‍රාතිහාර්ය ද එමටයි...

මඩු මැණියනී අප රටත් මුලු ලෝකයත් මේ කොරෝනා වසංගතයෙන් මුදාලුව මැනව...

ඔබ තුමියගේ සළු සෙවනට ඉක්මනින් නැවත එන්න මේ මුලු විශ්වයම සුවපත් කර දෙන්න මැණියනී ❤️

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education
හාස්කම් බහුල - මඩු පල්ලිය 🙏✝️❤️ (Madu Palliya) - Your Choice Way

හාස්කම් බහුල - මඩු පල්ලිය 🙏✝️❤️ (Madu Palliya) - Your Choice Way

හාස්කම් බහුල - මඩු පල්ලිය 🙏✝️❤️ (Madu Palliya) - Your Choice Way

හාස්කම් බහුල - මඩු පල්ලිය 🙏✝️❤️ (Madu Palliya) - Your Choice Way

හාස්කම් බහුල - මඩු පල්ලිය 🙏✝️❤️ (Madu Palliya) - Your Choice Way

හාස්කම් බහුල - මඩු පල්ලිය 🙏✝️❤️ (Madu Palliya) - Your Choice Way

හාස්කම් බහුල - මඩු පල්ලිය 🙏✝️❤️ (Madu Palliya) - Your Choice Way

හාස්කම් බහුල - මඩු පල්ලිය 🙏✝️❤️ (Madu Palliya) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment