Maa Piya Bada Soma Dewee Song Lyrics - මා පිය බඳ සෝමා දේවී ගීතයේ පද පෙළ

Maa Piya Bada Soma Dewee Song Lyrics - මා පිය බඳ සෝමා දේවී ගීතයේ පද පෙළ

Maa Piya Bada Soma Dewee Song Lyrics - මා පිය බඳ සෝමා දේවී ගීතයේ පද පෙළ
Song Title : Maa Piya Bada Soma Dewee (මා පිය බඳ සෝමා දේවී)
ගායනය : නවරත්න ගමගේ සමග ඉන්දිකා උපමාලි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : නවරත්න ගමගේ


මා පිය බඳ සෝමා දේවී
රියෙන් නොබසින් සීදේවී
මා සුවාමිනී වළගම්බාවෙනි
හඹා එතී හතුරෝ වේගෙන්
ඔබට නොව රියට බරකි මා
පවන් බඳු සැරෙන් යා නොහේ

මා පියඹද සෝමා දේවී
රියෙන් නොබසින් සීදේවී

ඉතින් සබඳ අසන් මෙ බස
වළගම්බා නිරිඳු හඹා
සොලී සතුරු සෙන් එද්දී
සෝමා දේවිය එසඳා

සුවාමිනි නුඹ පලා ගොසින්
වන සෙන් රැස් කර මතුදා
ත්‍රී සිංහලේ කිරුළ රකින්
පිය බර අඩු කරමි මෙදා

එපවත් කී දේවි තොමෝ
රියෙන් බටව සතුරො මැදට
සන් කටුවෙන් අසු පහරා
පලා ගියෙය
නිරිඳු එවිට

ඉනික්බිතිව වළගම්බා
බල සෙනඟද පිරිවරමින්
යුධ ජය ගති කිරුළ පැළැඳ
සෝමා දේවිය නාමෙන්
සෝමා දේවිය නාමෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment