Lande Lande Lande Song Lyrics - ළඳේ ළඳේ ළඳේ ගීතයේ පද පෙළ

Lande Lande Lande Song Lyrics - ළඳේ ළඳේ ළඳේ ගීතයේ පද පෙළ
Song Title : Lande Lande Lande (ළඳේ ළඳේ ළඳේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක
සංගීතය : එම්. කේ. රොක්සාමි
ගී පද : කරුණාරත්න අබේසේකර
චිත්‍රපටිය : ටිකිරා (1978)


ළඳේ ළඳේ ළඳේ
වන බඹරු නුදුටු මලේ
මා ඔබට පිදුව හදේ
ඔබෙ රුව ම ඇඳී සැලේ
ළඳේ ළඳේ ළඳේ

මගෙ අඳුරු ලොවේ ඔබේ නෙතින්
එළිය වැටෙනවා //
ඔබෙ සුවඳ මගේ මැදුර පුරා
සුවඳ කරනවා

ළඳේ ළඳේ ළඳේ
වන බඹරු නුදුටු මලේ
මා ඔබට පිදුව හදේ
ඔබෙ රුව ම ඇඳී සැලේ
ළඳේ ළඳේ ළඳේ

ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට
ගෙන එමි කැන්දා //
ඔය සොඳුරු පැතුම් මුල සිට මගෙ
හදවත බැන්දා

ප්‍රියේ ප්‍රියේ ප්‍රියේ
ඔබ පතමි සියලු කලේ
මා ඔබට පිදුව හදේ
ඔබෙ රුව ම ඇඳී සැලේ

ළඳේ ළඳේ ළඳේ
වන බඹරු නුදුටු මලේ
මා ඔබට පිදුව හදේ
ඔබෙ රුව ම ඇඳී සැලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment