Kurullange Thatu Sindoth Song Lyrics - කුරුල්ලන්ගෙ තටු සින්දොත් ගීතයේ පද පෙළ

Kurullange Thatu Sindoth Song Lyrics - කුරුල්ලන්ගෙ තටු සින්දොත් ගීතයේ පද පෙළ
Song Title : Kurullange Thatu Sindoth (කුරුල්ලන්ගෙ තටු සින්දොත්)
ගායනය : ඉන්ද්‍රචාපා ලියනගේ සමග නදීක ජයවර්ධන
පද : ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
සංගීතය : රුවන් ශ්‍රී වල්පොල
2016 දී තිරගතවූ සින්ඩරෙල්ලා චිත්‍රපටියේ ගීයකි.


කුරුල්ලන්ගෙ තටු සින්දොත්
අහස් තලේ දුර මනින්න
වලාකුළක හැඩ බලන්න
සුළං රොදක සුව විඳින්න
ඉතින් තවත් හැකිද උන්ට

මී මැසි තුඩු සිඳ දැම්මොත්
බිඟුන් කොහොම රොන් අරගන්නේ
මල් කෙමි අතරේ මුදු පහස ලබා
මලක සුවඳ පතුරාලන්න
ඉතින් තවත් හැකිද උන්ට..
උන්ට.. (අඅ..)

වරල් යුගින් මාලුවෙකුට සයුර පතුළෙ කිමිදී යන්න
රළ පහර මතින් සැඩ බිඳ දමමින්
ගල් පර තුළ සිරි දකින්න
ඉතින් තවත් හැකිද උන්ට

යෞවනයට වැට බැන්දොත්
ළපලු හැඟුම් දළු දමන්න
සුවඳ සිතුම් මල් පිපෙන්න
නාඹර තුරු ඵල දරන්න
අවසරයක් නැහැ නේ නේ ද

හෝ... හෝ ඕ ඕ...
හෝ... හෝ ඕ ඕ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment