ජැම් පාන් හදමු (Jam Pan Hadamu)

ජැම් පාන් හදමු (Jam Pan Hadamu) - Your Choice Way
මගේ හිතේ තිබුණු ආශාවක් ජැම් පාන් හදන්න . අද මම ☕ වෙලාවට කන්න  හැදුවා. වැඩේ සාර්ථකයි. හොදට ආවා. ඔයාලටත් ගෙනාවා. හරිම රසයි . මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි 250g (කප්  2)
  • මාජරින්  25g (මේස හැදි 2 )
  • සීනි 20g (මේස හැදි   1  1/2)
  • ඊස්ට්  තේ හැදි 1 
  • කිරිපිටි මේස හැදි 1 
  • ලුණු තේ හැදි 1 
  • මද උණුසුම් වතුර 140ml (කප් 1/2)
  • ස්ට්‍රෝ බෙරි ජැම් මේස හැදි 6

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව කෝප්පයකට මද උණුසුම් වතුර මේස හැදි 5 දමා එයට සීනි වලින් අඩක් සහ ඊස්ට් දමා කලවම් කර විනාඩි 10 පිපෙන්න තබන්න .
  2. භාජනයකට පාන් පිටි දමා එයට ලුණු , කිරිපිටි සහ මාජරින් දමා මිශ්‍ර කරන්න . දැන් එයට සාදා ගත් ඊස්ට් මිශ්‍රණය එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව ඉතිරි වු වතුර ටික ටික දමමින් සොෆ්ට් ඩෝ එකක් සාදා ගන්න . මෙම ඩෝ එක විනාඩි 10 පමණ නීඩ් කරන්න . 
  3. පිටි ඇනු භාජනයේ තෙල් යාන්තමට ගාන්න. අත් දෙකෙත් තෙල් යාන්තමට තවරා පිටි ඩෝ එකේ ගා භාජනයේ තබා සව්යට් එකකින් වසා පැයක් පමණ පිපෙන්න තබන්න . 
  4. පැයකට පසු පිටි මෝලිය සමාන කොටස් 6 කර වෙන් කර බෝල සාදන්න.
  5. දැන් එක බෝලයක් ගෙන  පිටි තැවරු ලැල්ලක් මත රවුම් හැඩයට  තුනී කර එක කොනක ජැම් තවරා (පහල පින්තූරයේ පෙන්වා ඇති පරිදි ) අනික් කොන නවා වටේ තද කරන්න . 
  6. ප්ලාස්ටික් මුඩියකින් එම වටේ ලකුණු කරන්න . එලෙස සියල්ලම සාදා නැවත සවියට් එකකින් වසා විනාඩි 15 පමණ තබන්න .
  7. විනාඩි 15ට පසු එම ජැම් පාන් මත පොල් තෙල් තවරා සීනි ඉසින්න.
  8. දැන් පාච්මන්ට් කඩදාසියක් එලා එය මත පිටි ඉස සාදා ගත් ජැම් පාන් තබන්න . 
  9. දැන් අවන් එක උෂ්ණත්වය 200ට විනාඩි 10 පෙර රත් (pre heat) කර ට්‍ර් එක තබා විනාඩි 20,බේක් කරන්න . 
Dhammika Panangala (ධම්මිකා පනංගල)
ජැම් පාන් හදමු (Jam Pan Hadamu) - Your Choice Way

ජැම් පාන් හදමු (Jam Pan Hadamu) - Your Choice Way

ජැම් පාන් හදමු (Jam Pan Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment