Enakal Balan Wenada Wage Song Lyrics - එනකල් බලන් වෙනදා වගේ ගීතයේ පද පෙළ

Enakal Balan Wenada Wage Song Lyrics - එනකල් බලන් වෙනදා වගේ ගීතයේ පද පෙළ
Song Title : Enakal Balan Wenada Wage (එනකල් බලන් වෙනදා වගේ)
ගායනය : සේනානායක වෙරලියද්ද
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : කේෂාන් පෙරේරා


එනකල් බලන් වෙනදා වගේ..
මා ඉන්න බැව් තනිවී ලොවේ..
ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා..
මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
කෙරුවේම නෑ වැරදි කිසිදා..
රැකගත්තේ මා ඔබෙයි සිතා..
බොරු වැරදි කෝටියක් මවා..
සමුගත්තේ මා නොවෙයි ඔයා..

සඳට උපමා රැඳුණ පෙරදා..
අපි අපිට නැතිව බෑම යාමේ..
ලඟක ඉඳලා හිතට දැනෙනා..
ඔබෙ වෙනස තේරුනත් මට බෝ සේ..
මගෙ ජීවිතේ ඔබයි කියා..
ඔබ දන්නවාද දන්නේ නෑ..

නෙතට ගැටෙනා සැවොම පරදා..
මම ඔබට ආදරෙයි පෙරවාගේ..
ලොවම කියනා වචන නො අසා..
සතුටින්ම ඉන්න ඔබ හැම ආත්මයේ..
මොන දේ කලත් හිතා මතා..
මට ඔබව නොලැබ ඉන්න බෑ..

එනකල් බලන් වෙනදා වගේ..
මා ඉන්න බැව් තනිවී ලොවේ..
ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා..
මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
කෙරුවේම නෑ වැරදි කිසිදා..
රැකගත්තේ මා ඔබෙයි සිතා..
බොරු වැරදි කෝටියක් මවා..
සමුගත්තේ මා නොවෙයි ඔයා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment