As Assen Sokari Natawana Song Lyrics - ඇස් අස්සෙන් සොකරි ගීතයේ පද පෙළ

As Assen Sokari Natawana Song Lyrics - ඇස් අස්සෙන් සොකරි ගීතයේ පද පෙළ
Song Title : As Assen Sokari Natawana (ඇස් අස්සෙන් සොකරි)
Artist : Nisal Sathsara
Lyrics : Gihan Chamika
Music : Nimesh Kulasinghe 
Iskole Teledrama Song - Derana TV


භාග හඳ පායා ආපු දාට
බට ලී ගී ගයන රෑක
කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

වැව පිට වැටිලාන ලියන
රිදී පාටිනා
අහසින් පැන ජෝඩු කාර
කදු‍ත් බලාන දුවන
ආල වඩන නාඩගම වෙලා
ගම්මානෙම හිත වශී කලා
හිතට කුමකට්ද මතක් වුනා
පෙරමග සුබ ලකුනු මතුවුනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

හිත යට පිපෙනා මල් මාලතී කතා
රහසින් වගේ පැණි රසකට රස හිතිලා
හිත් වෙන සබකෝලම පිරිමි කම පුරා
රන් පාරට මං වශී වෙලා
දෙව්ලොව ගම කියා තේරුනා
මන්දාකිණි මා දිහා බලා
ඇස් අස්සෙන් ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

භාග හඳ පායා ආපු දාට
බට ලී ගී ගයන රෑක
කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment