Sunilwan Nuwan Yuga Song Lyrics - සුනිල්වන් නුවන් යුග ගීතයේ පද පෙළ

Sunilwan Nuwan Yuga Song Lyrics - සුනිල්වන් නුවන් යුග ගීතයේ පද පෙළ
Song Title : Sunilwan Nuwan Yuga (සුනිල්වන් නුවන් යුග)
ගායනය : සෝමතිලක ජයමහ
සංගීතය : සෝමතිලක ජයමහ
ගී පද : සෝමතිලක ජයමහ


සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුණි පියතුමණි කරුණාව පාලා

මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එක සේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්

සුනිල්වන් නුවන් යුග...

රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්

සුනිල්වන් නුවන් යුග...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment