Sina Sisi Eyi Wasanthayak Yali Song Lyrics - සිනා සිසී එයි වසන්තයක් යළි ගීතයේ පද පෙළ

Sina Sisi Eyi Wasanthayak Yali Song Lyrics - සිනා සිසී එයි වසන්තයක් යළි ගීතයේ පද පෙළ
Song Title : Sina Sisi Eyi Wasanthayak Yali (සිනා සිසී එයි වසන්තයක් යළි)
ගායනය : සෝමතිලක ජයමහ
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගී පද : සුනිල් සරත් පෙරේරා


සිනා සිසී එයි වසන්තයක් යළි
හද දිනු ප්‍රේමයෙ මල් පුබුදන්නට
පොත් මිටියක් ගෙන ඈ දිව එනවා
පාළු මාවතේ මා හමුවන්නට

ගයා අඩක් දුර නැවතුව ගීතය
හදට තුරුළු වී යළිත් ගයන්නට
කුරුළු තුඩක සංගීත මැවී එයි
කුරුළු තුඩක සංගීත මැවී එයි
අසළ ගසක පිපි මල් රොන් පිසගෙන

සිනා සිසී එයි වසන්තයක් යළි
හද දිනු ප්‍රේමයෙ මල් පුබුදන්නට
පොත් මිටියක් ගෙන ඈ දිව එනවා
පාළු මාවතේ මා හමුවන්නට

බලාපොරොත්තුව හද දැල්වෙනවා
ජීවිතයේ ජීවනය පතාගෙන
දහසක් දුක් ගිනි තවමත් ඉවසන
දහසක් දුක් ගිනි තවමත් ඉවසන
ඇගේ දයාවේ කඳුළැලි අතරින්

සිනා සිසී එයි වසන්තයක් යළි
හද දිනු ප්‍රේමයෙ මල් පුබුදන්නට
පොත් මිටියක් ගෙන ඈ දිව එනවා
පාළු මාවතේ මා හමුවන්නට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment