Sihina Nelum Mal Song Lyrics - සිහින නෙළුම් මල් ගීතයේ පද පෙළ

Sihina Nelum Mal Song Lyrics - සිහින නෙළුම් මල් ගීතයේ පද පෙළ
Song Title : Sihina Nelum Mal (සිහින නෙළුම් මල්)
ගායනය : මරිසසෙල් ගුණතිලක
ගී පද : අජන්තා රණසිංහ
සංගීතය : රොෂාන් ද සිල්වා


සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා

බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ
මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුළැඟිල්ල පටලා හෙට යං පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ

අම්මා කියූ නාමේ ම‍ට දුන් පතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනින්
හැම මව්වරුන් සේ අම්මා නුඹේ
සතුටින් හිඳිමි පිහිනා පුතුගේ නමින්

පුතු දකින උදයේ හැමදාම දැං
නව දවසකි මට නම් දෙන වාසනා
හිරු සඳු දවල් රෑ මට පායනා
පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ

සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment