අති පූජනීය - රුවන්වැලි මහා සෑ රදුන් 🙏☸️🙏 (Ruwanwali Maha Saya)

අති පූජනීය - රුවන්වැලි මහා සෑ රදුන් 🙏☸️🙏 (Ruwanwali Maha Saya) - Your Choice Way

මේ ඇසළ මාසයේ අපි කියන්න යන්නේ රජරට අහසේ සුදට සුදේ බබළමින් උසට දිස්වන රුවන්වැලි සෑය ගැනයී....

අප රටේ ආගම් භේදයකින් තොරව සැදැහැවතුන්ගේ වැඩිම වන්දනාවට පාත්‍ර වන දාගැබ මෙය කිව්වොත් නිවැරදි..

අනුරපුරයෙ වැඩ හිඳිනා        මහසෑය
ගැමුණු රජුන් ඉදි කල             මහසෑය
ධාතු ද්‍රෝණයක් රැස් විහිදුවනා    සෑය
අපිත් වඳිමු රුවන්වැලි           මහසෑය

අපි අද බොහෝ දෙනෙක් නොදන්න කතා ටිකක් කියන්නයි යන්නේ..

රුවන්වැලි සෑය අතීතයේ  “රුවන්මැලි සෑය” නමින් ද, මහාථූපය නමින් ද, ස්වර්ණමාලි මහ චෛත්‍යය නමින් ද හැඳින්වූ බවට ජනප්‍රවාද තියෙනවා...

ඊට හේතුව තමා..

දුටුගැමුණු රජ කාලයේ මෙම ථූපය ඉදිකිරීමට යන අවස්ථාවේ ඉදිකිරීමට නියමිත භූමියේ තෙලඹු ගසක් තිබිලා තියෙනවා..

පසුව එය කපා දැමීමට සිදු වුණ බවත්, එම ගසේ වැඩ සිටි දේවතාවියකට උපහාර පිණිස මෙය ස්වර්ණමාලි මහා චෛත්‍යය යන නම ලැබූ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. 

ඒ වගේම එවකට රටේ ඉදිවූ විශාලම දාගැබ මෙය නිසා වංශකතාකරුවන් මේ දාගැබ මහා ථූපය නමින් ද හඳුන්වා තිබෙන බවයි සදහන් වෙන්නේ....

දේවානම්පියතිස්ස රජ දවස මෙරටට වැඩම වූ මහින්ද හිමියන් විසින් බුදුරදුන් උදෙසා මහා චෛත්‍යය ඉදිකළ යුතු ස්ථානය වශයෙන් මේ ස්ථානය නම් කළ බව මහාවංශයේ සඳහන් වෙනවා...

හැමෝම දන්න දෙයක් තමා දුටුගැමුනු රජු මේ රුවන්වැලි සෑය කරවූ බව නමුත් රජුට මෙහි වැඩ අවසන් කිරීමට හැකිවුනේ නැහැ.

රජුගේ මරණයෙන් පසු ඔහුගේ සහෝදර සද්ධාතිස්ස රජු දාගැබේ ගර්භයෙන් ඉහළ සිට වූ ඉතිරි වැඩ නිම කළ බව මහාවංශය සඳහන් වෙනවා...

ඇත් පවුර/සලපතල මළුව/දොරටු සතර/පොකුණූ හතර/පස් පිළිම ගෙය/මළුවේ රජ ප්‍රතිමා මෙහි වූ තවත් වටිනා සාධක ලෙස හදුනාගෙන තියෙනවා....

අනුරාධපුරයේ අටමස්ථාන අතුරින් එකක් වන මෙය වර්තමානය වන විට මහසෑයේ උස අඩි 338 ක්..

වට ප්‍රමාණය අඩි 942 ක්..අක්කර පහක පමණ හතරැස් මළුවක් තුළ චෛත්‍යය නිර්මාණය වී තිවෙනවා...

ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ රදුන් තව තවත් වැජඹේවා...

සයිංසු යස්මිං සුගතස්ස ධාතු�නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං �සුවණ්ණමාලිනී පතීත නාමං �වන්දාමහං ථූපවරං මහග්ගං

බුදු සරණයි ☸️🙏 පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
අති පූජනීය - රුවන්වැලි මහා සෑ රදුන් 🙏☸️🙏 (Ruwanwali Maha Saya) - Your Choice Way

අති පූජනීය - රුවන්වැලි මහා සෑ රදුන් 🙏☸️🙏 (Ruwanwali Maha Saya) - Your Choice Way

අති පූජනීය - රුවන්වැලි මහා සෑ රදුන් 🙏☸️🙏 (Ruwanwali Maha Saya) - Your Choice Way

අති පූජනීය - රුවන්වැලි මහා සෑ රදුන් 🙏☸️🙏 (Ruwanwali Maha Saya) - Your Choice Way

අති පූජනීය - රුවන්වැලි මහා සෑ රදුන් 🙏☸️🙏 (Ruwanwali Maha Saya) - Your Choice Way

අති පූජනීය - රුවන්වැලි මහා සෑ රදුන් 🙏☸️🙏 (Ruwanwali Maha Saya) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment