Ridunu Than Song Lyrics - රිදුණු තැන් ගීතයේ පද පෙළ

Ridunu Than Song Lyrics - රිදුණු තැන් ගීතයේ පද පෙළ
Song Title : Ridunu Than (රිදුණු තැන්)
Artist : Anushka Madhubhashini
Music : Aruna Gunawardena
Lyrics : Amila Thenuwara


රිදුණු තැන් ජීවිතේ බෝමා
කඳුලු බිඳුවක දෙපැත්තක්, ඔබ මා
සීතලෙන් ගැහෙනා
ඒ කඳුලු බිඳුවට නමක් තියමුද
“ආදරේ” කියලා

පිසලන්න ඕනෙත් නෑ
සනසන්න ඕනෙත් නෑ
හුස්ම හිරවෙන වෙලාවට විතරක්
පිරිමදිනු ලය මා

ලං වෙන්න ඕනෙත් නෑ
වෙන් වෙන්න ඕනෙත් නැ
හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත්
අපිට අපි දුර නැ

රිදුණු තැන් ජීවිතේ බෝමා
කඳුලු බිඳුවක දෙපැත්තක්, ඔබ මා
සීතලෙන් ගැහෙනා
ඒ කඳුලු බිඳුවට නමක් තියමුද
“ආදරේ” කියලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment