පොල් කිරි අයිස් ක්‍රීම් 🍧🥥🍧 (Pol Kiri Ice Cream)

පොල් කිරි අයිස් ක්‍රීම් 🍧🥥🍧 (Pol Kiri Ice Cream) - Your Choice Way
අද මන් අරන් අවේ ගොඩාක්ම ගොඩාක් ලේසි , ප්‍රදානම අමුද්‍රව්‍ය  02 ක් පාවිච්චි කරලා හදාගන්න පුලුවන් අයිස් ක්‍රීම් රෙසිපි එකක්  .😋😋විශේශයෙන්ම මේකට විපින් ක්‍රීම් ,ෆ්‍රෙශ් මිල්ක් මොකුත් ඕන නෑ, ගෙදර තියන පොල් වලින් ගත්ත හොද උකු පොල් කිරි විතරයි අවශ්‍ය .

✅ අවශ්‍ය දෑ :

  • උකු පොල් කිරි 400 ml (පොල් කිරි එක නිවැරැදිව සාදාගන්න ආකාරය පහලින් දාන්නම්) 
  • පලතුරු  130 g (කෙසෙල් ,අබ ,අලිගැටපේර මේ කැමති පලතුරක් ගන්න පුලුවන්. පොඩි කෑලි කපාගෙන කිරලා ගන්න) 
  • මී පැනි හෝ කිතුල් පැනි මේස හැදි 2 ක් (සීනි උනත් ගන්න පුලුවන්)
  • වැනිලා තේ හැදි 1 ක්

✅ සාදන ආකාරය :

  1. මුලින්ම පොල් කිරි ටික උකුවට මිරිකා ගන්න. දැන් පොල් කිරි ටික ලිප තියලා කැටි නොගැසෙන ලෙස හැදිගාමින් හොදින් රත් කරගන්න. 
  2. දැන් ටිකක් පොල් කිරි ටික නිවෙන්න තියලා පොල් කිරි ටික ෆ්‍රිජ් එකේ පැය 2 ක් 3 ක් පමන තියලා තියන්න. දැන් ඔයාට පොල් කිරි සහ වතුර යටට බැහැල තියනවා පේනවා. එතකොට හැන්දකින්  උඩ තියන උකු කිරි ටික පරිස්සමට වෙන් කරලා ගන්න, යට වතුර ටික අයින් කරන්න. 
  3. මේ විදිහට ගත්ත කිරි ටිකට ,ඔයා ගන්න පලතුරු කෑලි ටික දාගන්න. ඔයා ගත්තපැනි හෝ සීනි දාගන්න. වැනිලාත් එකතු කරගන්න.  
  4. දැන් මේක බ්ලෙන්ඩර් එකට දාගෙන හොදට විනාඩි 2 ක් පමන බ්ලෙන්ඩර් කරගන්න .
  5. දැන් මේ මිශ්‍රණය සුදුසු බාජනයකට දාගෙන පැය 2  ක් 3 ක් පමන ෆ්‍රිජ් එකේ තියන්න .( උඩ කොටසේ ).
  6. පැය දෙකකින් පසු අයිස් ක්‍රීම් මිශ්‍රණය එලියට අරන්  නැවත විනාඩි 2 ක් 3 ක් පමන හොද ක්‍රීම් ගතියක් එනකන් බ්ලෙන්ඩර් කරගන්න ඕන.
  7. දැන් අපි කලින් බාජනයටම අයිස්  ක්‍රීම්  මිශ්‍රණය දාලා පැය 4 ක් 5 ක් පමන ෆ්‍රිජ් එකට දාගන්න. 
  8. පැය 4 ක් 5 කින් පස්සෙ  අයිස් ක්‍රීම් එක එලියට අරන් ඔයාලට රස බලන්න පුලුවන්.ඇත්තටම කිරි පාවිච්චි කරලා හදනවාට වඩා මේ පොල් කිරි අයිස් ක්‍රීම් එක හරිම රසවත්. ඔයාලත් හදලා බලන්නකෝ.
Cook with Manuu
පොල් කිරි අයිස් ක්‍රීම් 🍧🥥🍧 (Pol Kiri Ice Cream) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment