Payala Sanda Guwan Gabe Song Lyrics - පායලා සඳ ගුවන් ගැබේ ගීතයේ පද පෙළ

Payala Sanda Guwan Gabe Song Lyrics - පායලා සඳ ගුවන් ගැබේ ගීතයේ පද පෙළ
Song Title : Payala Sanda Guwan Gabe (පායලා සඳ ගුවන් ගැබේ)
ගායනය : ධනපාල උඩවත්ත
සංගීතය : ලාල් තේනබදු
ගී පද : හෙක්ටර් විජේසිරි


පායලා සඳ ගුවන් ගැබේ ආදරේ කොඳුරයි
නීල දේදුණු නිලා දිලී ආදරේ මුමුණයි
ඇයිද පුන්සඳ පමා වෙලා තරු හා වියෝ වෙලා
මගේ වරදට සමා වෙලා එන්න සිනහා වෙලා

දිලෙයි පුන් සඳ රුවන් මලී තරු හා රුවින් වෙලී
කැලේ මලකට ප්‍රේමින් වෙලී සඳේ දිලෙයි දිලී
ඇයිද නිල්වන් දෙනෙත් ඔබේ බය වෙලා වාගෙයි
කවුද ඔබ ළඟ මමයි ඔබේ ආදරෙ කුමාරියේ

පායලා සඳ ගුවන් ගැබේ...

කවුද ඔබ මා සවන් ගැබේ සැඟවෙලා වාගෙයි
ඇයිද නිල්වන් දෙනෙත් ඔබේ බය වෙලා වාගේ
කොහෙද කොයිබද දයාවියේ මා දා ඔයා ගියේ
කවුද කොහේද කොහේ ගියේ පුන්සඳ කුමාරියේ

පායලා සඳ ගුවන් ගැබේ ආදරේ කොඳුරයි
නීල දේදුණු ලීලා දිලී ආදරේ මුමුණයි
ඇයිද පුන්සඳ පමා වෙලා තරු හා වියෝ වෙලා
මගේ වරදට සමා වෙලා එන්න සිනහා වෙලා

මගේ වරදට සමා වෙලා එන්න සිනහා වෙලා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment