Oba Dakina Dakina Dinaka Mahada Song Lyrics - ඔබ දකින දකින දිනක මහද ගීතයේ පද පෙළ

Oba Dakina Dakina Dinaka Mahada Song Lyrics - ඔබ දකින දකින දිනක මහද ගීතයේ පද පෙළ
Song Title : Oba Dakina Dakina Dinaka Mahada (ඔබ දකින දකින දිනක මහද)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
සංගීතය : එම්.එස්. ප්‍රනාන්දු
ගී පද : එම්.එස්. ප්‍රනාන්දු

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ //
කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ

මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
රන්වන් කැළුම් නංවලා
මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
බඳ වටලා සළු පටලා
බඳ වටලා සළු පටලා

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ //
කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ

පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
නිල් තරු දෑසෙ හැංගිලා
පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
ඔබ නැති දා ලොව නැත මා
ඔබ නැති දා ලොව නැත මා

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ //
කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment