Nona Mage Nurse Nona Song Lyrics - නෝනා මගෙ නර්ස් නෝනා ගීතයේ පද පෙළ

Nona Mage Nurse Nona Song Lyrics - නෝනා මගෙ නර්ස් නෝනා ගීතයේ පද පෙළ
Song Title : Nona Mage Nurse Nona (නෝනා මගෙ නර්ස් නෝනා)
ගායනය : වොලී බැස්ටියන් 
සංගීතය : වොලී බැස්ටියන්
ගී පද : වොලී බැස්ටියන්


නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ

ලිස්ස වැටිල මෙ මං කලුවරේ
හැපුණා මගෙ ඔලුව කළු ගලේ
උස්ස ගොසින් මාව එවේලේ
දැම්ම මාව ඉස්පිරිතාලේ

සිහිය නැතිව මාව ගෙනාවේ
ලේ ගලමින් බහින කලාවේ
සිහිය ඇවිත් බලපු වෙලාවේ
මම ඇඳ යට නේද ඉලව්වේ

වේදනාව වැඩි නිසා මොළේ
මම කෑ ගැහුවා බොහොම කලබලේ
සාත්තු සේවකයෙක් එ වේලේ
ඇවිත් මට බැන්න කරුවලේ

නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ

මම කෑ ගැහුවා මර හඬ දීලා
නර්ස් ආව දඩිබිඩි ගාලා
සාත්තු සේවකයා අල්ලලා
තල්ලුකෙරුව මාව බේරලා

මට වෙච්ච විපත පෙනීලා
නර්ස් නෝන බොහොම දුක්වෙලා
ඇඳ යට උන්නු මාව අල්ලලා
දැම්ම ඇඳ උඩට උස්සලා

නර්ස් නෝන අනේ හැබෑට
ආවේ මව් කෙනෙක් විලසට
නැත්නම් මට වෙච්ච විපතට
මම නම් මැරෙනවා ඇඳ යට

නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ

දුගියාගේ ලෙඩ දුකට ගිය කලේ
පෙන්නයි ඇතැමුන්ගෙ ඇති බලේ
නර්ස් නෝන නැතිවුන කාලේ
කුමටද මට ඉස්පිරිතාලලේ

නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment