Mulu Rayak Pura Song Lyrics - මුළු රැයක් පුරා ගීතයේ පද පෙළ

Mulu Rayak Pura Song Lyrics - මුළු රැයක් පුරා ගීතයේ පද පෙළ
Song Title : Mulu Rayak Pura (මුළු රැයක් පුරා)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව, මරියසෙල් ගුණතිලක
සංගීතය : නවරත්න ගමගේ
ගී පද : උපුල් ශාන්ත සන්නස්ගල


මුළු රැයක් පුරා ඔබ ඔහු ළඟ
ජිවිතය පුරා ඔහු ඔබ ළඟ
ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුගේ

මුළු රැයක් පුරා ඔහු මා ළඟ
සිරුර පමණයි හිතයි ප්‍රේමයයි
ඔබ ළඟයි //

ඔහුගේ උණුසුම් ආදරයේ
වාසනා හිමිකාරී ඔබ
මට හිමි හීතල සෙනෙහස පමණයි

මා සිත පවසන ඊරිසියා හැඟුම් ඉතින් අසන්
මා බිරිඳ වන්න පෙම්වතිය වන්න
ඔබ මා තුරුළට මට දෙන්න දෙන්න ඔහු

ඔහුගේ මංගල මුදු පැලඳූ
පාදපරිචාරිකාවී ඔබ
මා ඔහුගේ ගත සුසුමක් පමණයි

මට නැතිවනුයේ හිමි සඳු සමඟින් දූ දරුවෝ
මුළු ජිවිතයෙම අත්වැල් බැඳ ආ
මා සෙවණට මට දෙන්න දෙන්න ඔහු

ජිවිත පුරා මා ඔහු ළඟ
මා සිත සපුරා ඔහු මා ළඟ
ඔබද මා ද ඒ ප්‍රියම්බිකා ඔහු ගේ
අප කඳුළු සිනා ඔහු වෙනුවෙනී
අපි සිනාසෙමූ
ඔහුගේ නාමයෙන් වැලපෙමූ
අපි සිනාසෙමූ
ඔහුගේ නාමයෙන් වැලපෙමූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment