Me Kadulu Thotupalai Song Lyrics - මේ කඳුළු තොටුපලයි ගීතයේ පද පෙළ

Me Kadulu Thotupalai Song Lyrics - මේ කඳුළු තොටුපලයි ගීතයේ පද පෙළ
Song Title : Me Kadulu Thotupalai (මේ කඳුළු තොටුපලයි)
ගායනය : චන්දන ලියනආරච්චි, සුභානි හර්ෂණී
සංගීතය : ගුණදාස කපුගේ
ගී පද : සකුන්ත ජයවර්ධන


මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි..//

මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු..
ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු..
මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු..
ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු..

මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි..//

අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු..
පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු..
දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ..
මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු...

මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment