මිල්ක් චොකොලට් හදමු 🍫🍫🍫 (‍Homemade Milk Chocolate - Milk Chocolate Hadamu)

මිල්ක් චොකොලට් හදමු 🍫🍫🍫 (‍Homemade Milk Chocolate - Milk Chocolate Hadamu) - Your Choice Way
චොක්ලට් කන්න කැමති අය ඉක්මනටම එන්න. අද අපි Milk Chocolate හදමු. අයියෝ හදන්න හරිම අමාරු ඇති. වියදම් වැඩි ඇති කියලා හිතුනද? එහෙනම් බලන්නකෝ.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍫 කොකෝ පවුුඩර් ½ cup
  • 🍫 අයිසින් සීනී / කුඩු කරගත් සීනී 1 cup
  • 🍫 නැවුම් කිරි ¼ cup
  • 🍫 පිරිසිදු පොල් තෙල් / කොකෝ බටර් ¼ cup
  • 🍫 කජු / රටකජු (කපාගත්)
  • 🍫 Ice tray / Silicon Mold 

✅ සාදා ගන්නා ආකාරය :

  1. කොකෝ පවුුඩර්, සීනී පෙනෙරයකින් හලාගන්න. 
  2. ඉන්පසු වතුර කොප්ප එකක් භාජනයකට දමා රත් වීගෙන එන විට එම භාජනයට උඩින් උණුසුමට ඔරොත්තු දෙන Glass Bowl එකක් එහෙම නැත්නම් ඇලුමිනියම් තුනී භාජනයක් තබාගන්න. 
  3. එම උඩින් තබාගත් භාජනයට පිරිසිදු පොල් තෙල්, හලාගත් කොකෝ පවුුඩර්, සීනී දමා කලවම් කර නැවුම් කිරි ද එකතුකර මද ගින්දරේ උකු වන තෙක් හැදිගා ගන්න.
  4. දැන් ලිප නිවා Ice tray එකකට හෝ ඔයාලා ලග තියෙන ඕනෑම අච්චුවකට (mold) එකකට දමා පැය 2ක් ශිතකරණයේ තබන්න.(ශිතකරණයේ තැබිමට පෙර කජු / රටකජු චොක්ලට් මීශ්‍රනයට එකතු කර ගන්න පුළුවන්.)
මේ Milk Chocolate හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදමට
මිල්ක් චොකොලට් හදමු 🍫🍫🍫 (‍Homemade Milk Chocolate - Milk Chocolate Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment