හින්ඩන්බර්ග් ඛේදවාචකය (Hindenburg Disaster)

හින්ඩන්බර්ග් ඛේදවාචකය (Hindenburg Disaster) - Your Choice Way
1937 මැයි 6 වන දින සවස් යාමයේදී මානව වර්ගයා විසින් ඒතෙක් ගොඩනගා ඇති විශාලතම ගුවන් යානය නිව් ජර්සි හි කුණාටු සහිත අහසේ කෙමෙන් ඉදිරියට ඇදී ආවේ ගොඩබැසීමට සුදානමෙනි. මිනිසා සතු විශිෂ්ට තාක්ෂණික දක්ෂතාවයට හොඳ උදාහරණයක් සැපයූ මේ මහා දැවැන්තයා හදුන්වනු ලැබුවේ "හින්ඩන්බර්ග්" ලෙසය. මේ යානය ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් සිට අත්ලාන්තික් සාගරය හරහා දින තුනක මුහුදු ගමනක් නිමා කොට දැන් මේ පැමිණ තිබෙන්නේ ඔවුන්ගේ ගමනාන්තය වන ඇමරිකාවේ නිව් ජර්සි වෙතය. අඩි 800ක් දිග මේ යෝධයාගේ පැමිණීම දැක බලා ගැනීම සදහා නරඹන්නන් සහ මාධ්‍යවේදීන් ද බොහෝ පිරිසක් එහි රැස්ව සිටින ලදී.

වෙනස් වන වේගවත් සුළගේ යානය ගොඩ බැසීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර පැය තුනකට අධික කාලයක් ඒ සදහා උත්සාහ ගන්නා ලදී. ඉන් පසුව සිදු වූයේ කිසිවෙකු නොසිතූ දෙයකි. එක වරම ගුවන් යානයේ පිටුපසින් ගිනි දැල් නිකුත් වූ අතර ගිනි අවුලුවන හයිඩ්‍රජන් වායුව මගින් පෝෂණය වූ එම ගින්න මුළු යානය කරාම පැතිර යන ලදී. අවසානයේ එය කෙළවර වූයේ මිනිස් ජීවිත 36ක් අවසන් කරමිනි.

හින්ඩන්බර්ග් යනු "සෙපලින්" නම් ජර්මන් සමාගම විසින් ඉදිකරන ලද අර්ධ දෘඩ ගුවන් යානයකි. එය ඔවුන් හදුන්වනු ලැබුවේ අහසේ ගමන් කරන සුඛෝපභෝගී නෞකාවක් ලෙසය. දැවෙන හයිඩ්‍රජන් ඝන අඩි මිලියන 7 ක් එහි අඩංගු විය. හයිඩ්‍රජන් වාතයට වඩා සැහැල්ලු නමුත් අධික ලෙස ගිනි ගන්නා වායුවක් විය. සුවිශාල රගර් බෝලයක් හැඩැති බැලූනයක් ගිනි ගන්නා සුලු වායුවලින් පුරවා ඉහළ අහසේ ගමන් කරවීම සැබැවින්ම දෙවරක් නොව කිහිප වරක් සිතා බැලිය යුතු තීරණයකි. එම හයිඩ්‍රජන් වාතයෙන් ලැබෙන ඔක්සිජන් සමඟ එකතු වීමෙන් සහ ඊට ජ්වලන ප්‍රභවයක් ද එක් වීමෙන් ඔවුන් "වචනාර්ථයෙන්ම බෝම්බයක්" නිර්මාණය කර ඇත.

1937 මැයි 3 වන දින හින්ඩන්බර්ග් ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් සිට අත්ලාන්තික් සාගරය හරහා ඇමරිකාවේ ලේක්හර්ස්ට් නාවික හමුදා කඳවුරට ගමන් කරන ලදී.  අඩි 804 ක් ඉහළ අහසේ දිවෙන එම යානයේ මගීන් 36 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 61 දෙනෙකුගෙන් සමන්විත විය. 

හින්ඩන්බර්ග් යනු ලොව පළමු ගුවන් සමාගමේ අවසාන මගී ගුවන් යානයයි. ඊට අමතරව එම කාලයේ අත්ලාන්තික් සාගරය තරණය කිරීමට තිබූ වේගවත්ම මාර්ගය වූයේද එයයි. ඊට දින තුනක කාලයක් ගත විය. හින්ඩන්බර්ග් හි මගීන්ට වේගයෙන් ගමන් කරනා සාගර නෞකාවක් උතුරු හා දකුණු ඇමරිකාවට යුරෝපයේ සිට ළගා වීමට ගත වන කාලයෙන් භාගයකින් ළගා වීමට හැකි වූ අතර මෙම යානයේ අභ්‍යන්තරයද ඔවුන් කිසිදා දැක නැති තරම් සුඛෝපභෝගී එකක් විය. ඔවුන්ට ආහාර ගැනීමට විශාල අලංකාර කෑම කාමරයක් එහි විය. නවීන පන්නයේ විසිත්ත කාමරයක් එහි වූ අතර සෑම වෙලාවකම එතුල ඔවුනට පියානෝ වදනයක් සවන් දීමට හැකි විය. නිදා ගැනීම සදහා තිබුණේද ඉතා සුවපහසු කාමරය. ඊට අමතරව දුම් බීම සදහා විශේෂ කාමරක්ද එහි විය. මෙහි තිබූ විශේෂත්වය නම් එකල මේ ආකාරයේ පහසුකම් සහිත ගුවන් ගමන් නොතිබීමයි.

ලේක්හර්ස්ට් හිදී යානය ගොඩබෑමට උත්සාහ කරන අතරතුර, ගුවන් යානය හදිසියේම ගිනිගෙන පුපුරා ගියේය. බොහෝ විට ගිනි පුපුරක් මගින් එහි හයිඩ්‍රජන් හරය දැල්වීමෙන් එය සිදු වන්නට ඇත. අනතුරුව ගිනි ගන්නා යානය වේගයෙන් අඩි 200 ක් බිමට වැටුනු අතර ගුවන් යානයේ ඉදිරි කොටස තත්පර කිහිපයකින් ගිනි ගන්නා ලදී.  මගීන් 13 දෙනෙකු, කාර්ය මණ්ඩල 21 ක් සහ බිම සිටිය එක් පුද්ගලයකුගේ ජීවිත ඉන් අහිමි වූ අතර දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුටද සැලකිය යුතු තුවාල සිදුවිය....විශ්මිත ඉතිහාසය
හින්ඩන්බර්ග් ඛේදවාචකය (Hindenburg Disaster) - Your Choice Way
අනෙක් යාත්‍රා සමග මෙහි විශාලත්වය සංසන්දනය

හින්ඩන්බර්ග් ඛේදවාචකය (Hindenburg Disaster) - Your Choice Way
යානය ආහසේදී ගිනි ගත් අවස්ථාව

හින්ඩන්බර්ග් ඛේදවාචකය (Hindenburg Disaster) - Your Choice Way
යානය නිව්යෝර්ක්වලට ඉහළින්

හින්ඩන්බර්ග් ඛේදවාචකය (Hindenburg Disaster) - Your Choice Way
හින්ඩන්බර්ග්හි කෑම කාමරය

හින්ඩන්බර්ග් ඛේදවාචකය (Hindenburg Disaster) - Your Choice Way
හින්ඩන්බර්ග් 1936 දී ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපලේදී
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment