Hasanganawi Song Lyrics - හසඟනාවී ගීතයේ පද පෙළ

Hasanganawi Song Lyrics - හසඟනාවී ගීතයේ පද පෙළ
Song Title : Hasanganawi (හසඟනාවී)
ගායනය : සිනෙත් ප්‍රනාන්දු
තනුව : ස්ටෙෆාන් පාකියනාදන්
ගී පද : කෝසල ඩී. මධුරවීර


නුරා නෙතින් මා දෙස බලනා
හසඟනාවියක ලෙසින්
ප්‍රේමයේ කැල්මන් හෙලනා
මන්දහාසියේ ඉතින්
ඔබෙ ආදරේ අනුහසින්
ම’ජීවිතේ සනහාලයි

මියුරු ගීයක තැවරී 
හදම සිප ගනු මැනවී
ප්‍රේමයේ රස මිහිරී
ඔබය මා පැතු දෙව්ලී

පායනා සඳ සාවිය සේමා
ආදරේ වෑහෙනා
දිදුලනා තරු මල් සේමා
ආදරේ පොපියනා
මා හදේ ඈ කෙරේ 
රස ගී වැයේ ආදරේ

මියුරු ගීයක තැවරී 
හදම සිප ගනු මැනවී
ප්‍රේමයේ රස මිහිරී
ඔබය මා පැතු දෙව්ලී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment