Budu Piyanane Song Lyrics - බුදු පියාණනේ ගීතයේ පද පෙළ

Budu Piyanane Song Lyrics - බුදු පියාණනේ ගීතයේ පද පෙළ
Song Title : Budu Piyanane (බුදු පියාණනේ)
ගායනය : සෝමතිලක ජයමහ
සංගීතය : සෝමතිලක ජයමහ
ගී පද : විජේතිලක රත්නායක


බුදු පියාණනේ
ඔබේ පාද කරනෙමි පිණිපා

පියෙන් පියට මිහිකත සනහා
බැලූ බැලූ නෙත් සිත් බඳවා
දහම් අමාවෙන් තිලොව තෙමූ

බුදු පියාණනේ
ඔබේ පාද කරනෙමි පිණිපා //

සසර සයුරකට නෞකාවයි
නිමල අමිල නෙත් සිළිලාරයි
ලොවේ අනගි ගුණදම් මුහුදයි

බුදු පියා මගේ
භවේ අඳුර නැසු මිණි පහනයි //

හිමියෙනි ඔබෙ මොක් මග හමුවේ
හැදෙමි බැඳෙමි නැහැවෙමි නිබඳේ
තිලෝ තිලක සම්බුදු සමිඳේ

මම දිවා රැයේ
ගිලී නහමි මියකැන් දහරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment