Adare Oba Ma Hata Athida Kiya Song Lyrics - ආදරේ ඔබ මා හට ඇතිද කියා ගීතයේ පද පෙළ

Adare Oba Ma Hata Athida Kiya Song Lyrics - ආදරේ ඔබ මා හට ඇතිද කියා ගීතයේ පද පෙළ
Song Title : Adare Oba Ma Hata Athida Kiya (ආදරේ ඔබ මා හට ඇතිද කියා)
ගායනය : මරියසෙල් ගුණතිලක, පියල් පෙරේරා, ජිප්සීස්


ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදීලා
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයිදෝ වෙන්වීලා
ආදරේ දුක් වේදනා
ඔබ දෙයිදෝ මට මතුදා

ආදරේ ඔබ මට කෙතරම්ද කියා
ගීතයෙන් කියනෙමි ඔබ හට පහදා
මේ දිවියේ අවසානෙ පුරා
මම ඉන්නම් ළං වීලා
ආදරේ දුක් වේදනා
මා දෙන්නේ නෑ කිසිදා

මහ මුහුදේ යන අතරේ
මම මුහුදට වැටුණෝතින්
මම කිමිදීලා දිය යට ගිලිලා
ඔබ බේරන් ගොඩ එනවා

මහ කැළයේ යන විටදී
හොරු රැළකට අසුවේ නම්
සටනට වැදිලා උන් එලවාලා
ඔබ ‍බේරන් මම එනවා

ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදීලා
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයිදෝ වෙන්වීලා
ආදරේ දුක් වේදනා
ඔබ දෙයිදෝ මට මතුදා

වෙන හිතකට හිත ඇදිලා
මා අමතක කෙරුවෝතින්
රූ ළලනාවෝ හිටියත් කෙතරම්
මම ඔබ සොයලා එනවා

ඔබෙ මව් පියො එරෙහි වෙලා
ඔබ මා හැරදා ගියෝතින්
මේ මුළු ලෝකෙම එරෙහිව ආවත්
මම ඔබ කැන්දා යනවා

ආදරේ ඔබ මා හට ඇතියි කියා
මා සිතේ සැක දැන් ඇත දුරු වීලා
මේ දිවියේ අවසානෙ තුරා
අපි ඉඳිමු එක් වීලා
ආදරේ දුක් වේදනා
මතු වන්නේ නෑ කිසිදා

මේ දිවියේ අවසානෙ තුරා
අපි ඉඳිමු එක් වීලා
ආදරේ දුක් වේදනා
මතු වන්නේ නෑ කිසිදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment