Walakulin Besa Song Lyrics - වළාකුලින් බැස ගීතයේ පද පෙළ

Walakulin Besa Song Lyrics - වළාකුලින් බැස ගීතයේ පද පෙළ
Song Title : Walakulin Besa (වළාකුලින් බැස)
සංගීතය : සුනිල් ශාන්ත
ගායනය : සුනිල් ශාන්ත
නව ගායනය : අයිවෝ ඩෙනිස්
ගී පද : අරිසෙන් අහුබුදු


වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා

දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ

වළාකුලින් බැස සමන් කුළත් වැඳ...

දැවේ දැවේ බිම් වැදී රජස් දුම්...

එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
ලොවේ නමක් තැබුවා

වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
එලෝ යනවා

වළාකුලින් බැස සමන් කුළත් වැඳ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment