Me Saumya Rathriya Song Lyrics - මේ සෞම්‍ය රාත්‍රිය ගීතයේ පද පෙළ

Me Saumya Rathriya Song Lyrics - මේ සෞම්‍ය රාත්‍රිය ගීතයේ පද පෙළ
Song Title : Me Saumya Rathriya (මේ සෞම්‍ය රාත්‍රිය)
ගායනය : ධර්මදාස වල්පොල
සංගීතය : සතුර් සහ පී.වෙම්බු
ගී පද : හර්බට් එම්. සෙනෙවිරත්න
චිත්‍රපටය : සේපාලි (1958)


මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී//

රමණී හැඟුම් පෑ උතුම් දර්ශනේ
රන් තාරකා හා ගියා සේ පෙනේ//
සේපාලිකා සේපාලිකා
මාගේ අමානන්ද මේ කෝ අනේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී//

සංකාව හර්දේහි ඒවී ගලාලා
කොයි වේලෙ ඒදෝ කියාලා බලාලා//
ආනන්ද රාත්‍රි සෞම්‍යකාන්ති
ආදරීගෙ වියෝවින් පෙළේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී//

සොහානී රාත් ඩල් චුකී.. 1949 තිරගත වූ දුලාරි හින්දි චිත්‍රපටය අයත් ගීයක්. මේ චිත්‍රපටය පාදක කර ගනිමින් 1958 සේපාලි නමින් සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය වුණා. එහි සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ක්‍රිෂ්ණ මූර්ති. චිත්‍රප‍ටය නිෂ්පාදයකන්ගේ අදහස වුණේ සොහානී රාත් කියන ගීයට වචන යොදල චිත්‍රපටයට ඇතුළත් කරන්න. ඒත් ක්‍රිෂ්ණ මූර්ති කිවුවෙ අපි මේ වෙනුවෙන් ගීතයක් හදමු කියල. ඒ අනුව තමයි හර්බට් එම්. සෙනෙවිරත්න මේ ගීතය ලියන්නෙ.. ලබන්න මේ සුමධුර තනුව හින්දි ගීතය පරදවනව නේද කියල. ධර්මදාසගේ හඩත් එහෙමයි. - රොෂාන් රුබේරු -

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment