Mame Ape Kalu Mame Song Lyrics - මාමේ අපෙ කළු මාමේ ගීතයේ පද පෙළ

Mame Ape Kalu Mame Song Lyrics - මාමේ අපෙ කළු මාමේ ගීතයේ පද පෙළ
Song Title : Mame Ape Kalu Mame (මාමේ අපෙ කළු මාමේ)
ගායනය : මූන්ස්ටෝන්ස්
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ දෙවන EP තැටිය වූ "More Hits by the Moonstones" (Sooriya Label CHB001) හී ගීයකි. මහෙි ඇතුළත් වන්නේ එම මුල් ගීයයි.



මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ ...//

බුලත් කොරටුවේ වැට දැන් දිරාලා
බැලුවෙ නැද්ද ඒ ගැන ඔබ සොයාලා ...//

එක ළඟින් සිටුවලා ඉණි පැල අලුත්කරවලා එහි පැල
බුලත් කොරටුවක් නැතිවද වවන්නේ ...//

මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ

මංගො නැන්ද ගැන ඔහු නෑ සොයන්නේ
පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ ...//

එක සිතින් සිත හදා සැනසෙන අනුන් ගැන සොයා නොතැවෙන
තමන් ගැන සොයා සැනසෙනවානේ ...//

මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ ...//

කලවානේ
අපේ කළු මාමේ ....///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment