Hamuweema Wenweema Song Lyrics - හමුවීම වෙන්වීම ගීතයේ පද පෙළ

Hamuweema Wenweema Song Lyrics - හමුවීම වෙන්වීම ගීතයේ පද පෙළ
Song Title : Hamuweema Wenweema (හමුවීම වෙන්වීම)
ගායනය : මංජුල පුෂ්පකුමාර
පද රචනය : කුෂාන් මනේද්‍ර
සංගීතය : විරාජ් පෙරේරා


හමුවීම වෙන්වීම ලෝකේ හැටි..
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති..
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි..
හැම සතුට කෙළවරම දුකකුත් ඇති..

හදේ උතුරනා විරහ වේදනා
දරාගන්න දෝ මා කෙසේ..
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා
සිතින් සෑමදා මා ඔබේ..

ඔබෙ සතුට පතලා ඈත්වීලා යනවා
මුන නොගැහෙනා සේ යලී..
අවසාන මොහොතේ ඔබෙ දෑස දැකලා
මියැදෙන්න තිබුනොත් ඇති..
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා..
එක්වෙන්න මතු යුගයේදී - පෙරුමන් පුරා මා ඉමී..

අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලා
මා කෙරුව පින් මදි ඇති..
ඔබෙ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා..
සැනසෙන්න මට ඒ ඇති..
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා..
එක්වෙන්න මතු යුගයේදී - පෙරුමන් පුරා මා ඉමී..

හමුවීම වෙන්වීම...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment