මිල්ක් මේඩ් හදමු (Milk Maid Hadamu)

මිල්ක් මේඩ් හදමු (Milk Maid Hadamu) - Your Choice Way
කිරි පිටි පාවිච්චි කරලා ගොඩාක්ම ගොඩාක් ලේසියෙන් ,අඩුම වියදමකින් මිල්කමේඩ් හදමුද ??? මිල්ක් මේඩ් හදන ගොඩක් රෙසිපි තියනවා ඒ අතරින් පුංචි ,පුංචි වෙනස් කම් කීපයක් කරලා මන් ඔයාලට මේ රෙසිපි එක අරන් අවා.ගොඩාක් දෙනෙක්ට මේ දවස් වල මිල්ක් මේඩ් ගන්න  ටිකක් අමාරු නිසා මේ රෙසිපි එක ගොඩාක් වැදගත් වෙයි.....

✅ අවශ්‍ය දෑ : 🥛

  • සම්පූර්ණ යොදය සහිත කිරි පිටි 80 g 
  • ලා රස්නෙ වතුර 500 ml
  • සීනි 200 g
  • බේකින් සෝඩා පිංචක්

✅ සාදන ආකාරය : 🥛

  1. මේක හදන්න හරිම ලේසි කිරි පිටි ටිකට ලා රස්නෙ වතුර ටික  දාලා කිරි එක උකුවට හදාගන්න ඕන. 
  2. දැන් සීනි ටිකත් දාලා හොදට කිරි එක මිශ්‍ර කරගන්න. 
  3. දැන් බාජනයක් ලිප තියලා ඒකට කිරි එක දාලා ( නන්ස්ටික් නම් ගොඩක් හොදයි )  ලිප ඔන් කරලා හොදට හැදි ගාන්න. 
  4. කිරි එක කැටි ගැහෙන්න දෙන්න එපා. දිගටම හැදි ගාන්න ඕන. මුලින් වැඩි ගින්නෙ කිරි එක නටන්න ගන්න කොට ගින්දර හොදටම අඩු කරලා අඩුම ගින්නෙ එක දිගට හැදි ගාන්න. ( අපි කිරි ටොෆී හදනව වගේ. ) 
  5. දැන් විනාඩි 15 ක් 20 ක් වගේ යනකොට හොද උකු කිරි මිශ්‍රණය ක් එනවා. මේ වෙලාවෙ ඔයාට හැන්දෙන් ටිකක් අරන්  මිල්කමේඩ් සුවද එනවා  . ඇගිල්ලට ටිකක් අරන් බැලුවොත් මිල්කමේඩ් රස දැනෙනවා. 
  6. මේ වෙලාවෙ බේකින් සෝඩා ටික දාලා ලිප ඕෆ් කරගන්න. ( බේකින් සෝඩා අත්‍යාවශ්‍ය ම නෑ නමුත් තියන්ව නම් දාන්න ,හොද ක්‍රීම් ගතියක් ගන්න පුලුවන් මේ බේකින් සෝඩා මගින්.) 

✅ වැදගත් 👇👇👇👇

  • ඕනාවට වඩා ලිප තියාගන්න එපා  . අතට උකු ගතියක් දැනෙන කොට බේකින් සෝඩා ටික දාලා ලිප ඕෆ් කරන්න. ( මොකද මේක නිවෙනකොට තව උකු වෙන නිසා ) 
  • ඔයාලට කිරි පිටි වෙනුවට සම්පූර්ණ යොදය සහිත ෆ්‍රෙශ් මිල්ක් ගන්නත් පුලුවන්.
  • සාමාන්‍යයෙන් කිරි 500 ml න්, මිල්කමේඩ300g  පමන හදාගන්න පුලුවන්. 
  • මිල්කමේඩ් යොදාගෙන හදාගන්න පුලුවන් ඕනම කෑම වර්ගයක්, කැවිලි වර්ගයක් ,අතුරුපසක්  හදාගන්න පුලුවන්.
මිල්ක් මේඩ් හදමු (Milk Maid Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment