Himi Nowu Himi Pema Song Lyrics - හිමි නොවූ හිමි පෙම ගීතයේ පද පෙළ

Himi Nowu Himi Pema Song Lyrics - හිමි නොවූ හිමි පෙම ගීතයේ පද පෙළ
Song Title : Himi Nowu Himi Pema (හිමි නොවූ හිමි පෙම)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)


පෙරමග බලමින් උන්නා
පෙරදින දෑස අයාගෙන 
පාර බලා ...
කවදා හෝ ඔබ ඒවි සිතා 

පෙර දින මෙන් අද දිනෙයත්
සුපුරුදු ලෙසකින්
සිටියා දෑස අයා...
පැතුමන් දහසක් හද රන්දා 

අද දින පෙරමග බලමින් හුන්නද
නොහැකිය මා හට 
දෑස අයා හෙට දිනයේ
ඔබ එන තුරු මග විමසන්නට

හෙට දින ඔහුගේ පතිනිය 
වී මා යා යුතු වී ඇත 
පැතුමන් පොදි බැද...
ඔහුගේ හද තුල

නේක දනාගේ සතුටු සිනා මැද 
මනමාලිය වී 
යන්නම යන්නම් 
හද තුල රැදි සෙනෙහස 
නිබදව විදිමින් 

හමු නොවුනත් මේ භවයේ
සසර පුරා හැම භවයේ
වෙන් නොම වී හැම භවයේ
ලග ඉන්නට හැම භවයේ
පැතුම් පතමු හැම භවයේ....

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment