අත් යට අදුරු පැහැය දුරලන විශ්මිත සත්කාර

අත් යට අදුරු පැහැය දුරලන විශ්මිත සත්කාර - Your Choice Way

✅ අර්තාපල් 

🌿 හොඳින් පිරිසිදු කරගත් අර්තාපල් අලයකින් තුනී පෙති දෙකක් කපා ගන්න මේ සඳහා අර්තාපල් යුෂද යොදා ගත හැක. හොදින් පිරිසිදු කර වියළා ගත්,  අත්යට සමෙහි රවුමට ආලේප කරන්න. විනාඩි 5-10 ක් පමණ පිරිමැද විනාඩි 20 ක් පමණ තිබෙන්නට හරින්න. පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. දිනකට දෙවතාවක් කළ හැකිනම් වඩා හොඳයි. 

✅ පිපිඤ්ඤා

🌿 කුඩාවට කපාගත් පිපිඤ්ඤා මිරිකා යුෂ ලබා ගන්න. එයට කහ ස්වල්පයක් සහ දෙහි බින්දු කිහිපයක් මිශ්‍ර කරන්න. පිරිසිදු කරගත් අත්යට ආලේප කොට විනාඩි 20 ක් පමණ සිටින්න. පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. දිනකට වරක් මේ ප්‍රතිකර්මය අත්හදා බලන්න. 

✅ අයිස් කැට 

🌿 අයිස් මගින් මැරුණු සම ඉවත් කරන අතර රුධිර සැපයුම වේගවත් සහ ක්‍රමානුකූල කරනවා. ඒ වගේම අයිස් හොඳ ටෝනර් එකක් ලෙසද ක්‍රියාකරනවා. 

🌿 අයිස් කැට කිහිපයක් කපු රෙදි කඩක ඔතා අත්යට සම මත රවුමට විනාඩි 20 ක් පමණ පිරිමදින්න.

✅ දොඩම් පොතු

🌿 මේ සඳහා තැඹිලි පැහැ දොඩම් පොතු වඩා සුදුසු වේ. මෙහි අඩංගු සිට්‍රික් අම්ලය සමේ අඳුරු පැහැයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. දොඩම් පොතු හොදින් හිරු එළියේ වියළා කුඩු කර ගන්න. ඊට යෝගට් හැන්දක් එක් කර තලපයක් ලෙස සකස් කර ආලේප කරන්න. විනාඩි 20 ක් පමණ තබා අයිස් ජලයෙන් සෝදා හරින්න. සතියකට දෙවරක් කරන්න. 

✅ අමුකහ 

🌿 සමේ අඳුරු පැල්ලම් ඇති කරන බැක්ටීරියා නැසීමේ හැකියාව කහ සතු වේ. අමුකහ ස්වල්පයක් ගලගා එයට දෙහි බිංදු කිහිපයක් එක් කර අදුරු පැහැ ප්‍රදේශයේ අලේප කරන්න. විනාඩි 10 කින් සෝදා හරින්න.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment