Walakulak Men Athata Pawuna Song Lyrics - වලාකුලක් මෙන් ඇතට පාවුණ ගීතයේ පද පෙළ

Song Title : Walakulak Men Athata Pawuna (වලාකුලක් මෙන් ඇතට පාවුණ)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
සංගීතය : එම්.කේ. රොක්සාමි
ගී පද : කරුණාරත්න අබේසේකර
‘මහ රෑ හමු වූ ස්ත්‍රිය‘ චිත්‍රපටියෙන්

වලාකුලක් මෙන් ඇතට පාවුණ නිම් නැති අඹර දිගේ
පිහා‍ටුවක් ලෙස ගිලිහී විසුරුණු පියඹන කවුඩකුගේ
නැගී බිඳුණ රළ වරළස වාගේ බොර වී ගලන ග‍ඟේ
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ
අමතක කරළනු මැනවි ප්‍රියේ

කැලෑ මලක් ලෙස දෙපයට පෑගුණ ගොරහැඩි මිනිසකුගේ
කුණා‍ටුවක් වී වියරුව විසිරී පැන ගිය වනය දිගේ
හිඟා කකා ඔය ගෙමිදුල වෙත ආ යාචක ළඳක වගේ
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ
අමතක කරළනු මැනවි ප්‍රියේ
වලාකුලක් මෙන් ඇතට පාවුණ නිම් නැති අඹර දිගේ

රන් මිණි දද බැඳි සුවිසල් මැදුරුද පොළවට සමවෙන්නේ
ගුම් හඬ දීගෙන දිව යන දිය ‍රැළි වැලි මත වියැලෙන්නේ
සිතන දෙයම නොව නොසිතන දෙය වන ලොවකය අපි ඉන්නේ
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ
අමතක කරළනු මැනවි ප්‍රියේ

වලාකුලක් මෙන් ඇතට පාවුණ නිම් නැති අඹර දිගේ
පිහා‍ටුවක් ලෙස ගිලිහී විසුරුණු පියඹන කවුඩකුගේ
නැගී බිඳුණ රළ වරළස වාගේ බොර වී ගලන ග‍ඟේ
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ
අමතක කරළනු මැනවි ප්‍රියේ
වලාකුලක් මෙන් ඇතට පාවුණ නිම් නැති අඹර දිගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment