
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- තලපත් මාළු 500g
- ලොකු ළූණූ ගෙඩි 3ක්
- තක්කාලි ගෙඩි 2ක්
- Bay Leaf 2ක්
- අමු මිරිස් කරල් 3ක්
- වියලි මිරිස් කරල් 6ක්
- කොත්තමල්ලි තේ හැදි 1ක්
- සූදුරු තේ හැදි 1/2ක්
- කහ කුඩු තේ හැදි 1/4ක්
- සොයා සෝස් මේස හැදි 1ක්
- විනාකිරි මේස හැදි 1ක්
- ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
- ඉගුරු තේ හැදි 2ක්
- සුදු ළූණූ තේ හැදි 2ක්
- කොල පාට belpeper ගෙඩි 1ක්
- වතුර කෝප්ප 1ක්
- ළූණූ කොල
✅ සාදා ගන්නා ආකාරය :
- මුලින්ම මාළු අගල් 1 1/2 පමන කෑලි කපාගෙන ලුණූ හා කහ මිශ්‍රකර ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තුරු බැදගන්න.
- පසුව එම තෙල් වලින්ම මේස හැදි 2ක් පමන රත් කර එයට bay leaf, සිහින්ව කපාගත් ලොකු ළූණූ, සුදු ළූණූ, ඉගුරු, අමු මිරිස් කරල් වශයෙන් එකතු කර හොදින් තෙම්පරාදු කරන්න.
- එය රන්වන් පැහැවී එනවිට කහ කුඩු, ලුණු, සොයා සෝස්, විනාකිරි මිශ්‍රකරන්න.
- මේ අතර වියලි මිරිස්, කොත්තමල්ලි, සුදුරු, කරාබු නැටි, එනසාල් කබලේ බැදගෙන හොදින් කුඩු කරගෙන ඒ සමගම එකතු කර ගන්න. (මෙය ඔබ කලින් සකසාගෙන තියගන්න එය පහසුයි.)
- මේ සියල්ල හොදින් කවලම් කර විනාඩි 2කින් පමන පසුව වතුර එකතු කරන්න.
- වතුර නටන විට ගින්දර අඩු කර බැදගත් මාළු, තක්කාලි, belpeper එයට දමා මද ගින්නේ විනාඩි 10ක් පමන පිස ගන්න.
- ලිපෙන් ඉවත් කරන්න මද වේලාවකට පෙර ගම්මිරිස් කුඩු, ළූණූ කොල ඉසින්න.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Related Posts :
0 comments:
Post a Comment