Suwanda Danee Song Lyrics - සුවඳ දැනී ගීතයේ පද පෙළ

Suwanda Danee Song Lyrics - සුවඳ දැනී ගීතයේ පද පෙළ
Song Title : Suwanda Danee (සුවඳ දැනී)
ගායනය : රූකාන්ත ගුණතිලක
පද රචනය : අජංතා රණසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
“සප්ත කන්‍යා“ චිත්‍රපටයේ ගීතයක්


සුවඳ දැනී දැනී දැනෙනවා..
උදා හිරු එළියේ..
අළුත් ඉරක් දෝ මේ..
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළඟේ - හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී දැනී..දැනෙනවා...

ඊයේ නොදුටූ ලස්සන ලෝකය
අද කොහෙන් හෝ..
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට
තුරුළු වෙනවා..
ජීවිතේ සුන්දර ද මෙතරම්..
සුවඳ දැනී දැනී...දැනෙනවා...

රෑන රෑන් එන පාට පාට සමනලයෝ..
පේන පේන මල සිප ගන්නෝ..
ආදරේ.....ඔච්චම් කර කර
හංකිති කවනා ආදරේ...
බලාපොරොත්තුව දෝත දරා මඟ
බලා හිදී ඔබ එනතුරා..
ආයේ හෙට දවසක් තියේවී අද වාගේ...
ජීවිතේ සුන්දර ද මෙතරම්...

සුවඳ දැනී දැනී...දැනෙනවා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment