Sinasenna Bene Song Lyrics - සිනාසෙන්න බෑනේ ගීතයේ පද පෙළ

Sinasenna Bene Song Lyrics - සිනාසෙන්න බෑනේ ගීතයේ පද පෙළ
Song Title : Sinasenna Bene (සිනාසෙන්න බෑනේ)
ගායනය : රොමේෂ් සුගතපාල
සංගීතය : රොමේෂ් සුගතපාල
ගී පද : නන්දන වික්‍රමගේ


හැඟුම් මත් කලා ඒ නුරා දෑසෙ මායා
නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ//

නිල්වන් ගැබේහී සඳ හැංගුණා සේ
ඔබ එයිද ආයෙ දෑස පේන මානයේ
මල පර වුණා සේ නොපිපේද ආයේ
හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ
හද විලම සනසන්න දුක මගෙ නිවාලා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ//

සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිණි ඇවිලිලානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිණි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ
මුණ ගැහුණ තැන තාම මම ඉන්නවා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ///

සිනාසෙන්න බෑනේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment