රුලං අලුවා හදමු (Rulan Aluwa Hadamu)

රුලං අලුවා හදමු (Rulan Aluwa Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය දේවල් :

  • රුලං 250g
  • සීනි 300g
  • සිහින්ව ගාගත් පොල් 100g
  • එනසාල් ඇට 5 පමණ
  • වතුර 200ml

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව බාන ට්‍රේ එකට බටර් ගාලා පැත්තකින් තබන්න.
  2. රුලං ටික සුවඳ එනතුරු බැඳ ගන්න . ඒක පැත්තකින් තබන්න. 
  3. සිහින්ව ගාගත් පොල් ටික තෙත හිදෙනතුරු බැද ගන්න . ඒකත් පැත්තකින් තබන්න . 
  4. එනසාල් ටිකත් කුඩු කරගන්න. 
  5. මම සීනි කැරමල් කලේ නැහැ දුබුරු සිනි ගත්තු නිසා.භාජනයකට සීනි ටික සහ වතුර දමා උණු කරන්න . නුලක් සේ ඇදෙන ගානට උණු කරන්න. 
  6. දැන් පොල් ටික එකතු කරන්න. ලුණු ටිකක් සහ එනසාල් කුඩු එකතු කරන්න. හොදින් කලවම් කරන්න. 
  7. ඊට පසු බැද ගත් රුලං ටික එකතු කර හොදින් මිශ්‍ර කරන්න . හැඳි ගාන්න හොදින් . ටිකක් වෙලා යනවිට මිශ්‍රණය මැදට ගුලියක් ලෙස එකතු වෙනවා . එවිට ලිපෙන් ඉවතට ගෙන බටර් ගාගත් තැටියේ තුනී කරන්න.
  8. විනාඩි 3 වගේ තියලා කැලි කපන්න .වෙන් කරන්න එපා.හොදටම හයිවේගෙන එද්දි කැලි වෙන් කරන්න.
Dhammika Panangala

රුලං අලුවා හදමු (Rulan Aluwa Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment