Rathu Rosa Pokurin Song Lyrics - රතු රෝ‌ස පො‌කුරින් ගීතයේ පද පෙළ

Rathu Rosa Pokurin Song Lyrics - රතු රෝ‌ස පො‌කුරින් ගීතයේ පද පෙළ
Song Title : Rathu Rosa Pokurin (රතු රෝ‌ස පො‌කුරින්)
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගී පද : අජන්තා රණසිංහ


රතු රෝ‌ස පො‌කුරින් වෑහුණා
පිණි බිඳක් වෑහුණා
මා දෑස රිදවන මිලින පෙම්
කඳුළු සේ //

මීදුම් මදහස මතකින් මතුවී
පාවී අවුදින් කඳු නිම්නේ
රෝ‌ස පියල්ලේ ඔබේ සිනිඳු රැව
සිතුවම් කරවා සමු ගත්තේ

රතු රෝ‌ස පො‌කුරින් වෑහුණා
පිණි බිඳක් වෑහුණා
මා දෑස රිදවන මිලින පෙම්
කඳුළු සේ

ඔබගෙ සියුමැළි දෝ‌තින් ඉන්දූ
රෝ‌ස ගසේ මල් පිපුණු උදේ
රෝ‌ස මලක් ළඟ කඳුළු බිඳක් වී
මා තනි වූවා නො‌වෙද ළඳේ

රතු රෝ‌ස පො‌කුරින් වෑහුණා
පිණි බිඳක් වෑහුණා
මා දෑස රිදවන මිලින පෙම්
කඳුළු සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment